
ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට කිසිදු සමාවක් නොදිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවත්, ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
ට්‍රම්ප් මේ බව අවධාරණය කළේ, මේ වනවිට මරණ දණ්ඩනය නියම වී සිටින ඇමෙරිකාවේ දරුණු අපරාධකරුවන් 40 දෙනකුගෙන් 37 දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. බයිඩන් පෙන්වා දී ඇත්තේ, එම අපරාධකරුවන් 37 දෙනාගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමකට වෙනස් කළ යුතු බවය. ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරි 20 වැනිදාය.
‘ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් කියන්නේ දරුණු ගණයේ අපරාධකරුවන්. ඔවුන්ට කිසිම ආකාරයකට සමාව දීමක් කළ යුතු නැහැ. අධිකරණය හමුවේ වරදකරුවන් වී සිටිනවා නම්, මරණ දඬුවම නියම වී සිටිනවා නම්, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. කිසිසේත් සමාව දීමක් අවශ්‍ය වන්නේ නැහැ” යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
2025 අගෝස්තු මස 30
464
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16954
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
671
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ස්ත්‍රී දූෂකයන්ට-මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න