‘‘සතුට‘‘ වෙනුවෙන්ම අමාත්‍යංශයක් ඇති කිරීමට වෙනිසියුලා රජය සැරසේ.
‘‘උත්තරීතර සතුටේ අමාත්‍යංශය‘‘ යන නම් වන මෙම අමාත්‍යංශයේ මුල් පුටුව හෙබවීමට වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු තෝරාගැනීමට අපේක්ෂිත බව සදහන්වෙයි.
නව අමාත්‍යංශය ජනපති නිකලස් මදුරෝගේ සංකල්පයකට අනුව ඇති කෙරෙයි.හිටපු ජනපති හියුගෝ චාවේස් සැළසුම් කර තිබූ දරිද්‍රතාව දුරලීම වෙනුවෙන් වූ වැඩසටහන් සියල්ලක්ම මෙම අමාත්‍යංශය යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය.
තෙල් සම්පතින් පරිපූර්ණ වුවත් තවමත් වෛද්‍ය හා ආහාර පහසුකම් සපුරා ගැනීම වෙනිසියුලාවට ගැටලූවකි.උද්ධමනය පවතිනුයේ ඉතා ඉහළ අගයක වන අතර ඇමරිකා ඩොලරයක අගයද පෙර තිබු අගය මෙන් හත් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මුලින්ම යටිතල පහසුකම් වැඩිදියුණු කර වෙනිසියුලාවේ බහුතර ජනතාවට පහසුකම් සැළසීම ජනපති නිකලස් මදුරෝගේ අරමුණ බව පෙනේ.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සතුට ඇති කරන්න අමාත්‍යංශයක් එයි
සිරියලතා Tuesday, 29 October 2013 04:00 PM
ඔය මොනවා කලත් අපේ වර්තා නම් කඩන්න ටිකක් අමාරු වෙයි. හා එන්නකෝ බලන්න. (ස)
හෂාණි Wednesday, 30 October 2013 09:34 AM
අපේ රටට ඕක විතරමයිනේ අඩු. (නි)
විරාජ් කාලිංග Tuesday, 29 October 2013 09:42 PM
මේවා අහල අපේ අයත් අලුත් අමාත්‍යංශයක් දාගනිද දන්නේ නැහැ,නම් නැතුව ඉන්නේ දාගන්න (ස)
උපාලි Tuesday, 29 October 2013 01:37 PM
"සතුට" තියෙන්නේ කොහේද, කොතැනද? හැමදේකම, හැමතැනකම කිව්වොත් හරිද? එහෙම නම් රටකට වුවමනා වෙන්නේ, සියලු දේම ඇතුලත් එකම එක අමාත්‍යාංශයයි. (නි)
මනෝජ් Tuesday, 29 October 2013 02:04 PM
ලංකාවට නම් ඕනෑ වෙන එකක් නැහැ.මොකද දැනට තිබෙන අමාත්‍යංශ වලින් ජනතාව හොදට සතුටු කරමින් ඉන්නේ (නි)
අජිත් කරුණාරත්න Tuesday, 29 October 2013 02:13 PM
මේ තොරතුරු අපේ රටට බොහොම වටිනවා.තව ඇමතිකම් දෙන්න තියෙනවා. ඒවාට දාන්න නම් නැතිව හිටියේ. (ස)
ෂෙරිෆ් Tuesday, 29 October 2013 07:02 PM
අපේ සතුට වැඩිකරන්න කැසිනෝ එනවා ළඟදීම. (නි)
රවීන්ද්‍ර Tuesday, 29 October 2013 07:06 PM
අපේ මහරජ තුමාටත් හොඳ අදහසක්. ඇමතිකම් දෙන්න තව සුදුසුකම් සපුරපු ගෝලයොත් ඉන්න එකේ.(නදී)
ලුම්බිණි Wednesday, 30 October 2013 07:30 AM
තවත් ලංකාව වගේ තැනක්. (නි)
කුමාරි Tuesday, 29 October 2013 02:47 PM
සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑ.ඒක ඇති විය යුත්තෙ හැම කෙනාගෙම හදවත් තුලයි. මිනිසුන් ලද දෙයින් සැනසීමට පුරුදු උනොත් හැමදාම සතුටින් සිටිය හැකියි. (ස)
පෙත්තා Tuesday, 29 October 2013 07:43 PM
ඔන්න අපේ අහවල් ඇමතිතුමාට දෙන්න නියම අලුත් අමාත්‍යාංශයක්. (නි)
සම් Tuesday, 29 October 2013 03:07 PM
අපෝ තව අමාත්‍යංශ ගොඩක් හදන්න පුළුවන්. උදාහරනෙකට කියනවා නම් පොල් ගෙඩියේ ගැහැණු බෑයට සහ පිරිමි බෑයට අමාත්‍යංශ 2 හදන්න පුළුවන්.තවම ගල්සියඹලා වලට, අටුකොස් වලට, හබල පෙති වලට ඇඹරැල්ල වගේ ඒවාට අමාත්‍යංශයක් තියා දෙපාර්තමේන්තුවක් වත් නැහැනේ. (ස)
ආරියසේන Wednesday, 30 October 2013 09:12 AM
ලෝකයේ රටවල් අතුරින් වෙනිසියුලා රට සතුටු රාජ්ජයක් හැටියට මුල්තැන ගනී. එහි ජීවත්වන ජනතාව ඉතාම සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රට හැටියට පිළිගැනේ. (ස)