ඇමෙරිකාවේදී සැත්කමකට භාජන වීමෙන් පසු ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ සහ ගාන්ධි/නේරු දේශපාලන පරපුරේ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) යළි ඉන්දියාවට පැමිණියාය.
සෝනියා ගාන්ධි ඊයේ උදෑසන නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණි බවත් ඇය හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බවත් කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රකාශක ජනර්දාන් ඩිවේඞී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. එහෙත් සෝනියා ගාන්ධිගේ රෝගී තත්ත්වය කුමක්දැයි ඩිවේඞී හෙළි නොකළේය.
සෝනියා ඇතුළත් කළ රෝහල ගැන ද කිසිදු විස්තරයක් මේ වනතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැත. නිල නොවන පුවත් වාර්තා හෙළි කරනුයේ ඇය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිළිකා රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටි බවය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සැත්කමින් පසු සෝනියා ආපසු එයි