IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.

ජොඑල් කවුචි කළ පහරදීමෙන්, මියගියේ කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙකි. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පහර දෙමින් කලහකාරීව හැසිරුණු ජොඑල් කවුචි වෙඩි තබා ඝාතනය කළේ සිඩ්නි නුවර පොලිස් නිලධාරිනියකි. ඇය තනිවම ජොඑල් කවුචි කොටු කරගත් බව පැවැසෙයි.

එම පොලිස් නිලධාරිනිය වීරයකු යැයි ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත. ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බව සිඩ්නි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජොඑල් කවුචි එසේ ප්‍රහාරයක් එල්ල කනිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

(බීබීසී)



අදහස් (4)

සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි

චන්දන Sunday, 14 April 2024 07:52 AM

දියයුතු දඬුවම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතා හොඳයි. ලංකාවේ අඬන අයට මේවා පෙනේවා...!

:       0       2

සමන් විමල් Sunday, 14 April 2024 09:31 AM

ඒ රටේ මානව හිමිකම් කස්ටිය නැතුව ඇති. නැත්නම් මිහින්තලේ පැත්තෙන් වගේ සූකර හඬක් මතුවෙන්න තිබුණා.

:       0       2

Bunny Preena Monday, 15 April 2024 02:03 PM

සිඩ්නි කියන්නේ කවුද? මොකක්ද දන්නේ නැහැ එයත් එක්ක තියන කෝන්තරය.

:       0       1

Bamunuarachchi Tuesday, 16 April 2024 08:26 PM

ඈ බොල, පිහියක් අතේ තිබෙන කෙනෙකුට වෙඩි තියන එක වීරකමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site