IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සුඩාන ගුවන් අනතුරකින් තිස් දෙදෙනෙක් මරුට

උතුරු සුඩානයේ සිට දකුණු සුඩානය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පෙරේදා (19) රාති‍්‍රයේ අනතුරට පත් වීමෙන් ඇමැතිවරුන් තිදෙනකු, හමුදා ජනරාල්වරුන් තිදෙනකු ඇතුළු තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත් වූ ගුවන් යානය  කඩා වැටී ඇත්තේ ටැලොඞ් නගරය අසල ස්ථානයකටය. සුඩාන ගුවන් ගමන් අධිකාරිය පැවැසුවේ අයහපත් කාළගුණය හේතුවෙන් සිදුවුණු මෙම අනතුරින් යානයේ සිටි සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවය. මියගිය පිරිස අතර මාර්ග උපදේශක සහ ජාතික උරුම ඇමැති ඝාසී අල් සඞීක්, යෞවන සහ කී‍්‍රඩා ඇමැති, සංචාරක ඇමැති සහ අධ්‍යාපන ඇමැති සිටිති. අනතුරට පත් වූයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝව් වර්ගයේ ගුවන් යානයකි. නියමුවන් දෙදෙනාට අමතරව යානයේ ගුවන් සේවිකාවන් තිදෙනකු ද සිටි බව වාර්තා වේ. බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී අපි‍්‍රකානු රාජ්‍යයක් වන සුඩානය, උතුරු සහ දකුණු සුඩාන ලෙසින් රටවල් දෙකක් ලෙස වෙන් කෙරුවේ ඉකුත් වසරේදීය. වසර ගණනක් තිස්සේ පැවැති සිවිල් යුද ගැටුම්වල නිමාවක් අපේක්ෂා කරමින් සුඩානය දෙකඩ කළත් එම ගැටුම්වල අවසානයක් සිදු නොවිණි.



අදහස් (0)

සුඩාන ගුවන් අනතුරකින් තිස් දෙදෙනෙක් මරුට

මධු Tuesday, 21 August 2012 12:50 PM

කොහේ ගියත් ලොතරැයිය නම් ඇදෙන්නේ එකම කට්ටියකටනේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 08:22 AM

පව් ඒ අය...(ස)

:       0       0

සිසිර Wednesday, 22 August 2012 09:36 AM

වැදගත් පිරිසක්නේ මැරිලා තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 13 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 730 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site