IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සුඩානයේ හදිසි ජලගැලීම්වලට 36 ක් බිලිවෙති: 5,000 අවතැන්

මහ වැසි හේතුවෙන් සුඩානයේ කර්ටෝම් නුවර සහ ඒ අවට පළාත් රැසක් පෙරේදා (11) ජලයෙන් යටවුණු අතර, හදිසියේ හටගත් ජල ගැලීම්වලට 36 දෙනෙක් බිලිවූහ.

දින ගණනාවක් නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හදිසියේ හටගත් සැඬ පහර සුනාමියක් සේ කඩා වැදුණු බව සුඩාන පුවත් සේවා වාර්තා කර ඇත.
ජල ගැලීම් හේතුවෙන්, 5,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවිය. ජලයෙන් විනාශ වූ පැල්පත් ගම්මානය. ගම්මාන 10 ක් මුළුමනින්ම විනාශ වූ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. සුඩානයට මහ වැසි ඇද හැළීම ආරම්භ වූයේ අගෝස්තු පළමු වැනිදා සිටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප‍්‍රකාශ කළේ විපතට පත්වූවන් වෙනුවෙන් ආධාර ලබා දීම සඳහා තමන් අපි‍්‍රකානු රාජ්‍යයක් වන සුඩාන රජය සමඟ එක් වී කටයුතු කරන බවය.

නිවාස අහිමි වූ ගම් වැසියන් පාසල්වල පිහිටුවූ සරණාගත කඳවුරුවලට වී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර සහ පානීය ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවත් සුඩාන රජය පවසයි. සහනාධාර බෙදා දීමේ කටයුතුවලට හමුදාව යොදවා ඇත.

 

කර්ටෝම් නුවර නිවාස ජලයෙන් යටවී ඇති අයුරු ...

 



අදහස් (0)

සුඩානයේ හදිසි ජලගැලීම්වලට 36 ක් බිලිවෙති: 5,000 අවතැන්

දුමින්ද Tuesday, 13 August 2013 05:56 PM

මිනිසා කරන පරිසර විනාශය නිසා ස්වාභාවික විපත් වැඩි වැඩියෙන් සිදුවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site