සුඩානයේ ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව එරට අගනුවර වන කාර්ටොවුම් පවත්වන ලද විරෝධතා පෙළපාළියක රජයේ හමුදා විසින් වෙඩිතැබීම හේතුවෙන් දෙදෙනකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මේ වනවිට විරෝධතාවයට සති පහක් ගතවී ඇති අතර තවත් නගර හයක විරෝධතා පැවැත්වෙන බව සඳහන් වේ.
විරෝධතාවය අතරතුර මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 24ක් බව රජය පවසන නමුත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බවයි.
ඉහළ යන ජීවන වියදම ඉලක්ක කරගෙන විරෝධතාවයන් ආරම්භ වූ අතර පසුව එය ජනාධිපතිවරයාගේ අවුරුදු 30ක පාලනයට එරෙහිව නැගී සිටීමක් දක්වා වර්ධනය විය.
විරෝධතාවයේ යෙදුණු 816 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූඩානයේ විරෝධතාවලින් දෙදෙනෙක් මරුට