සූඩානයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දීර්ඝ කාලයක් පාලන බලයේ සිටින සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් මහතාගේ පාලනයට විරුද්ධව ඔවුහු මෙසේ විරෝධතා දැක්වූහ.
සූඩානයේ අගනුවර වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධය පළකිරිමක් දක්නට ලැබුණු අතර දහස් ගණනක් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු භූමියටද පැමිණ විරෝධය පලකර ඇත.
විරෝධතාකරුවන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර සහ අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
පොලීසිය සහ විරෝධතාකරුවන් අතර වඩාත් ප්‍රචණ්ඩකාරී ගැටුම් දෙසැම්බර් 19 දා ආරම්භ වී ඇති අතර ඔම්දුර්මාන් නගරයේ දී දහස් ගණනක් පිරිස් ඒ සඳහා සහභාගී වී ඇත.
සති තුනක් තිස්සේ පැවති මෙම ගැටුම් වලින් ආරක්ෂක හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු 19 දෙනෙකු මිය ගොස් ඇති අතර විරෝධතාකරුවන් 800 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සුඩාන බලධාරීහු පවසති.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩානයේ ගැටුම්වලින් තිදෙනෙක් මරුට