ගාසා තීරයේ සටන් විරාමයකට හමාස් සංවිධානයේ නව දේශපාලන නායක යහ්යා සින්වාර් කැමැත්ත පළ කළ බවත්, සටන් විරාම සාකච්ඡා සඳහා තම නියෝජිතයන් ඉරිපත් කරන බවත්, හමාස් සංවිධානයේ නව දේශපාලන අංශ නායකයා අවධාරණය කර තිබේ.
සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය එකඟ කර ගැනීමට උත්සාහ ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයයි.
සටන් විරාමයක් සහ ස්ථිරසාර සාම සැලැස්මක් සඳහා යෝජනාවලියක් සකස් කර ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වෙමිනි. හමාස් සංවිධානයේ නව දේශපාලන අංශ නායක යහ්යා සින්වාර් පෙන්වා දී ඇත්තේ බයිඩන්ගේ යෝජනා අනුව සාකච්ඡා සිදුවිය යුතු බවය.
මේ අතර, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊට කැමැත්ත ලබා දී ඇති බවත් ඊශ්‍රායල පුවත් සේවා පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සටන් විරාමයකට හමාස් කැමැත්තෙන්