IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සටන්කාමීන් සමඟ සාම කතා අරඹන්න පාකිස්තානය සූදානම්

පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය සූදානම් යැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහ්මන් මලික් ඊයේ (5) නිවේදනය කළේය.
”තලේබාන් නායකයන් සමඟ සාම සාකච්ඡා පවත්වමින් පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව පාකිස්තාන රජයට පමණක් නොවේ තලේබාන් සංවිධානයටත් වැටෙහෙනවා. ඒ නිසා රජය තීරණය කළා සාම කතා අරඹන්න” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙම්හන් මලික් අවධාරණය කරයි.
ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායක හකිමුල්ලා මෙසූඞ් ප‍්‍රමුඛ සෙසු තාලේබාන් නායකයෝ මීට පෙර අවස්ථා කිහිපයක දී කැමැත්ත පළ කර සිටියහ.
කෙසේ නමුත් ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නවත්වන්නේ ද නැද්ද යන්න ගැන මෙතෙක් පාකිස්තාන රජය පවසා නැත.
වසර 10 කට වැඩි කාලයක් පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයා එම හඬ පටය ඔස්සේ අවධාරණය කර ඇත.
ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් අතර මේ වනවිට ඇරැුඹී ඇති සාම සාකච්ඡා සාර්ථක කර ඇති අතර ඊට පාකිස්තාන රජයේත් හමුදාවේත් සහාය නොඅඩුව ලැබේ.
2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය.
විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
2014 වෙද්දී පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ ද සාම සාකච්ඡා ආරම්භ කර, දේශපාලන විසදුමක් සෙවීමට පාකිස්තාන රජය බලාපොරොත්තු වන බව ද රෙම්හන් මලික් වැඩි දුරටත් කියා සිටී.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහ්මන් මලික්

 



අදහස් (0)

සටන්කාමීන් සමඟ සාම කතා අරඹන්න පාකිස්තානය සූදානම්

චම්මි Wednesday, 06 February 2013 02:33 PM

ඒක හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site