IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සටන්කාමීන්ට ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්න පාකිස්තානය ඇමෙරිකාවට අවසර දීලා

පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, නියමුන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකානු රජයට පාකිස්තාන රජයෙන් අවසර ලැබී ඇතැයි ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ඊයේ (8) අනාවරණය කළේය.
පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී, ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සැඟවී සිටින තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් පහරදීමට  පාකිස්තාන සහ ඇමෙරිකානු රජය අතර ‘රහස් ගිවිසුමක්’ 2004 වසරේ දී අත්සන් කර ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
එම ගිවිසුම අත්සන් කර ඇත්තේ පාකිස්තානයේ අයි.එස්.අයි. සහ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශවල මෙහෙයවීමෙන් යැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
පාකිස්තාන රජය ඇමෙරිකාවට එම අවසරය ලබා දී ඇත්තේ ඔවුන්ට ‘හිසරදයක්’ වූ තලේබාන් සටන්කාමී නායකයකු ඇමෙරිකානු හමුදා ඝාතනය කිරීමට සමත් වූ නිසා යැයි ද එම වාර්තා වේ සඳහන් වේ.
එම රහස් ගනුදෙනුවට අනුව ගෝති‍්‍රක ප‍්‍රදේශවලින් රට ඇතුළට පැමිණීමට ඩ්‍රෝන යානාවලට හැකියාවක් නැත. 
පාකිස්තාන රජය අවසර දී ඇත්තේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ගේ පුහුණු කඳවුරු සහ තිප්පොලවලට පහර දීමට පමණි.
ඉන්දු කාශ්මීරයේ සිටින ඉන්දියාවට තර්ජනයක් වන කාශ්මීර සටන්කාමීන් සිටින ප‍්‍රදේශවලට මෙන්ම පාකිස්තානයේ න්‍යෂ්ටික බලාගාරවලට හෝ ළං වීමට ද ඇමෙරිකානු ඩ්‍රෝන යානාවලට පාකිස්තාන රජයෙන් අවසර හිමි වී නැත.
මෙම රහස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාකිස්තාන රජය හෝ ඇමෙරිකානු රජය හෝ කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
මේ අතර නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ‘ඝාතන’ වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් ඉකුත් හතර වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දැවැන්ත විරෝධතාවක් ද පැවැත්විණි. 
එම විරෝධතාව සංවිධානය කළේත් ඊට සහභාගී වූයේත් ඇමෙරිකානු සාම කි‍්‍රයාකාරීන්ය. සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව විදේශවල ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක් හටගත් ප‍්‍රථම අවස්ථාව එය විය. 
ලන්ඩන් නුවර පාදක කර ගත් ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය එළිදැක්වූ වාර්තාවක දැක්වෙන්නේ ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදු කළ ඩ්‍රෝන ප‍්‍රහාර 366 කින් 3,581 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි. එයින් 884 දෙනෙක් සිවිල් වැසියෝ වෙති.
මේ වසර මුලදී දෙවැනි ධුරය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති බැරැුක් ඔබාමා කියා සිටියේ ලබන වසරේ එනම් 2014 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ කි‍්‍රයාත්මක සටන්කාමීන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.



අදහස් (0)

සටන්කාමීන්ට ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්න පාකිස්තානය ඇමෙරිකාවට අවසර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site