IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංජේ දත් කඳුළු සළයි

ඉන්දියාවේ මුම්බායි නුවරට 1993 වසරේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සබඳකම් පැවැත් වූ බවටත්, ආයුධ ළඟ තබා ගත් බවටත් එල්ල වූ චෝදනාවලට වරදකරු වී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පස් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබ සිටින බොලිවුඞ් නළු සංජේ දත් ඊයේ (28) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර එහිදී ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේ කඳුළු සැළීය.
සංජේ දත් එම මාධ්‍ය හමුව පැවැත් වූයේ මුම්බායි නුවර පිහිටි ඔහුගේ නිවසේදීය. එම අවස්ථාවට ඔහුගේ සොහොයුරිය මෙන්ම කොංග‍්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක වන පි‍්‍රයා දත් ද සහභාගී වී සිටියාය. 
1993 වසරේ සිදුවූ එම බෝම්බ පිපිරීම්වලින් 257 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 700 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
එම බෝම්බ පිපිරීම්වලට 11 දෙනෙක් වරදකරුවෝ වූහ. එම බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන යාකොබ් මෙමොන්ට මරණ දඬුවම නියම කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය.

සංජේ දත් මධ්‍යවේදීන් ඉදිරියේ කඳුළු සළමින්...

 



අදහස් (0)

සංජේ දත් කඳුළු සළයි

චාන් Friday, 29 March 2013 12:51 PM

වැරදිකාරයින්ට දඩුවම් ලැබෙන්න ඕනේ.(නදී)

:       0       0

විමල් Friday, 29 March 2013 01:26 PM

ඉන්දියාවේ ඕනම උසස් මිනිසෙකුට වඩා නීතිය ඉහළින් තියෙනවා.(නදී)

:       0       0

ගාමිණි Friday, 29 March 2013 11:07 PM

දඩුවම් දෙන්නේ ව්වරද්ක් කලා නිසානේ (දී)

:       0       0

චමිපි Friday, 29 March 2013 02:55 PM

ඇයි එහෙනම් රජීව් ගාන්ධි මරපු කොටින්ට කිරි පොවන්නේ.(නදී)

:       0       0

ටිහාන් Saturday, 30 March 2013 02:48 AM

අපිට ඉන්දියාවේ නීතිය ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ (නි)

:       0       0

රෝහිත Saturday, 30 March 2013 04:14 AM

එයා නළුවෙක්නේ. නේද? (නි)

:       0       0

වරුණ Friday, 29 March 2013 03:39 PM

මීට කලින් කදුලු සැලුව සිනමාවෙදියා බොරුවටනේ. දැන් සැබෑ ජීවතයේ අඩන්න වෙලා.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Friday, 29 March 2013 03:36 PM

අපේ රටේ ලොක්කන්ව වැලිකඩ අරින්න ඇයි මෙහෙම නීති නැත්තේ.(නදී)

:       0       0

නසාර් Friday, 29 March 2013 04:37 PM

රගපානවා.(නදී)

:       0       0

ඉරන්ත Saturday, 30 March 2013 08:37 PM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

කිත්සිරි Friday, 29 March 2013 04:58 PM

අවුරුදු පහකට හිරේ යැවුවහම ගෙදර ඉඳන් මාධ්‍ය සාකච්චා පවත්වන්නත් පුලුවන්ද? (නි)

:       0       0

මෝරාළ Saturday, 30 March 2013 12:33 PM

ඉන්දියාවේ වුණත් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. (නි)

:       0       0

අමිළ Friday, 29 March 2013 07:36 PM

කිත්සිරි, ඒක එහෙ උසාවියේ රගපෑමක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site