වන සතුන් නැරඹීමේ යෙදී සිටි සංචාරකයින් රැගත් ජීප් රියකට අනාරාධිතවම චීටාවකු ගොඩවූ පුවතක් කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයෙන් වාර්තා වේ.
මෙම සංචාරකයින් පිරිස වනෝද්‍යානයේ සේවයකින් අතර ප‍්‍රකට මලායිකා නම් චීටා පවුලක් ලූහුබැදීමේ නිතරව සිට ඇති අතර අවසන ඔවුන්ට මලායිකා පවුල හමුව ඇත්තේ සංචාරය නිමා කර කඳවුර බලා යමින් සිටි ගමනේදීය.
ජීප් රිය නැවැත්වූ වහාම මලායිකා දෙමහල්ලෝ දෙදෙන එහි වහල මතට නැග්ගාහ.
ජීප් රියට ඇතුළුවී තිබෙන්නේ ඔවුන් දෙදෙනගේ දරුවෙකි.හෙතෙම සංචාරකයෙකුගේ උකුළ මත වාඩිවීමට ගියද පසුව අදහස වෙනස් කරගත්තාක් මෙන් ජීප් රියෙන් බැසගොස් තිබේ.
මේ අනාරාධිත අමුත්තා ඉදිරියේ මිකී මැකැල්ඩීන් නම් එම සංචාරකයා බිරන්තට්ටුවී සිටිනු අපූරුවට ඡායාරූපගත කිරීමට ඔහුගේ මිතුරෙකු හට හැකිව ඇත.
වසර 60 ක් පුරාවට කෙන්යාවේ ජීවත්වුවද මෙවන් සිදුවීමක් දුටු ප‍්‍රථම අවස්ථාව මෙය බව ඩේවිඩ් හොර්සි නම් වන ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක ජීප් රියට අමුත්තෝ ගොඩවෙති
කනිශ්ක Tuesday, 14 July 2015 05:30 AM
බලන්න ඔවුන්ගේ නවාතැනට ආපු පිටස්තරයන්ට වුණත් තමුන්ට කරදරයක් නැත්නම් කිසිම කරදරයක් නොකර මේ සත්තු ඉන්න අපූරුව...එත් මිනිස් වාසයකට බැරි වෙලාවත් සතෙක් අවොත් ඒ සතාගේ කෑලිවත් ඉතුරු කරයිද අපේ මිනිස්සු,..(ම)
මංගල Saturday, 11 July 2015 06:02 PM
රූපවතී, ළිඳෙන් වතුර බීලා ළිඳෙන් වතුර නාලා ළිඳට ගල් ගහලා වතුර බොරකරනවා. (නි)
රුපවතී Monday, 13 July 2015 11:45 AM
අනේ යන්න අජිත්... මම ඔතන හිටියනම් කලන්තේ නෙවේ .. ඔය එක්කෙනෙකුටවත් ආයේ මහා වනන්තරේ පයින් යනවා හැර වාහනේ යනවා නෙවෙයි, වාහනේ හෝදන්නේ නැතිව ආය කාටවත්ම ඒකට ගොඩ වෙන්න බැරිවෙනවා මම නිසා. (ර)
සමන් Friday, 10 July 2015 12:08 PM
මේ වගේ සිද්ධියක් ඡායාරූප ගත කිරීමට ලැබීමත් දුර්ලබ දෙයක්.(හේ)
නිහාල් Friday, 10 July 2015 07:34 PM
එතකොට රූපවතී, මෑතකදී මෙම තීරයේ පළ වූ වාහනය ඇතුළේ සිටි සුද්දිව සිංහයෙක් විසින් මරලා දැමීමේ පුවත මතකද? සුද්දාගේ කැරැට්ටුවට බේගල් ඇදබාන්න බැහැ. අන්තර්ජාලයෙන් නොදන්නා අයට 100% සත්‍ය දැනගන්න පුළුවන් (නි)
කිත්සිරි Monday, 13 July 2015 12:31 PM
ලස්සන ඡායාරූප පෙළක්! (නි)
චන්න බුවනක Friday, 10 July 2015 07:59 PM
ලංකාවේ අලිත් ඉන්නවා ඔය වගේ වැඩ කරන. (නි)
කැළණි Friday, 10 July 2015 12:32 PM
සුදු හමක් දැක්කත් ඇති රූපවතීගේ කතා පෙට්ටිය වන්දනාමාන කරනවා. තේරෙන්නේ නැද්ද ඒ පවුල මිනිසුන්ට ප්‍රිය සත්ව පවුලක්. අපේ රටේ අලි ඇතුන් පවා හමුවෙලා සද්ද නැතුව බේරිලා ගිය අවස්ථා අනන්තයි. ඔය වගේ චාරිකා යනකොටම උපදෙස් ලැබෙනවා එහෙම වුණාම කලබල වෙන්න එපා කියලා. (නි)
රූපවතී Tuesday, 14 July 2015 07:13 AM
බලාගෙන කනිෂ්ක නිශ්ශබ්ද වෙන්න. ඕවා දිරවන්නේ නැහැ. ඔයාටත් අල්ලාගෙන ගහයි. පේනවද මට පන්න පන්නා ගහනවා ඇත්ත කීවා කියලා. රට පාවා දෙනවලු ඇත්ත කීවම. (නදී)
වජිර Friday, 10 July 2015 08:28 PM
අවස්ථාවට සුදුසු නුවණ! (නි)
ශාන්ති Friday, 10 July 2015 09:09 PM
විදුර, ඒ අත්දැකීම ලබන්න වාසනාව කොහොම වුණත් බයටම මැරෙනවා මම නම් (නි)
කාන්තී Saturday, 11 July 2015 08:43 AM
රුපවතීත් දැන් අපේ යහපාල වගේ වෙලා.හැම දේටම මෝඩ කොමෙන්ට්ස් දාලා විකටියෙක් වෙලා. (අ)
සුනීටා Friday, 10 July 2015 09:27 PM
රූපවතීටත් ඕනෑ නැති දෙයක් නැහැ. හැම එකකටම හොට දාලා නිකම් බැනුම් අහනවා. ඒවා කොහොම වුණත් හරිම ලස්සන පින්තූර ටික. (නි)
තුෂාරි Friday, 10 July 2015 09:37 PM
රූපවතී,සංචාරකයා බිරන්තට්ටු වී සිටින අයුරු ඔබට පෙනුනේ නැද්ද? (නි)
රුපවතී Monday, 13 July 2015 01:34 PM
කාන්ති, ඔයා වගේ බුද්ධිමත් අයව අදුන ගන්න පුළුවන් වෙන්නේ. අපි වගේ මෝඩයෝ ඔයාලා අතර හිටියොත් තමයි. මේ ලෝකේ දෙවියන් මැව්වේ විවිධා කාර විදියට, ඒ මිනිසා එකා කාරී බවට ප්‍රිය නොකරනා නිසාවෙන්. ඉතින් මගේ කෙමෙන්ට් එක වගේම ඔබේ කෙමෙන්ට් එකටත් මෙම තීරය අපේ කතෘතුමා විසින් ඉඩ අවකාශ සලස්වා ඇත්තේ. ඒ සෑම දෙනාගේම විවිධාකාර අදහස් වලින් මේ තීරය හැමට අදහස් හුවමාරු කරගන්නයි. ඉතින් අපි හැමෝම එකම වැකියක් ලියලා මෙහි පල කලොත් ඒක කව්රුවත් කියවන එකක් නැහැ. දැන් බලන්න කාන්ති ඔයත් රැල්ලේ දුවන්නම් වාලේ දිව්වා නේද ..? කාටද හති වැටුනේ...? (ර)
සරත් Friday, 10 July 2015 10:18 PM
රූපා අක්කේ, හැමවෙලේම ලංකාවේ අයගේ වැරදිම දකින්න එපා. ඔයාගේ මාතෘභූමිය ලංකාව කියන එක අමතක කරන්න එපා. මට නම් ලංකාව දස ගුණයක් වටිනවා. (නි)
ප්‍රසන්න Friday, 10 July 2015 10:24 PM
රූපවතීට පුදුම යටත් විජිත මානසිකත්වයක්නේ තියෙන්නේ (නි)
සෙනරත් Friday, 10 July 2015 06:19 AM
ඉතාම වටිනා පින්තුර ටික. පලකලාට ගොඩක් ස්තුති (ම)
අජිත් Monday, 13 July 2015 12:00 AM
රූපවති ඔයත් කලන්තේ දාල වැටෙනවා (නදී)
සත්‍යාපාල Saturday, 11 July 2015 11:25 AM
රුපවතී, ඔබට කිසියම් හේතුවක් නිසා මගේ මවුබිම පෙනෙන්නේ ඉතා පහත් විදිහට. එයට හේතුව රටේ කිසිවකුගෙන් සිදුවූ බරපතල පීඩනයක් හෝ අසාධාරණයක් නිසා විය හැකිය. එයට වැරදිකරු මගේ මවුබිම නොව එය කල පුද්ගලයන් පමණි. ඔබ සුරපුරවල් යයි අදහන රටවලත් ඕනෑතරම් එවැනි දේ සිදුවේ.ඔබගේ දැනගැනීම සදහා මෙය කියන්නම්. මාද ලංකාවට අමතරව ලෝකයේ ඉහලම ලෙස පිළිගන්නා රටවල් දෙකකම පුරවැසියෙකි.රටවල් තුනක ගමන් බලපත් සහිතය.එම රටවල නීතියට සහ ඔවුන්ගේ සංස්කෘතියට ගරුකරමින් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජිවත්වෙමි. ශ්‍රී ලාංකිකයින් වැදගත් උගත් යහපත් බුද්ධිමත් බව පසක්වෙන ලෙස සැමවිටම ජිවත්වෙමි. ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන මහත් සතුටක් සහ ප්‍රෞඩතත්වයක් සිතෙහි පවතී. මා මගේ මවට ඉතා ආදරය නිසා අනෙක් අයට ඔවුන්ගේ මව වටිනා බව දනී, මගේ බිරිදට, දරුවනට,ආගමට, ජාතියට, භාෂාවට,රටට ආදරය නිසා අනෙක් රටවල්, භාෂා, දරුපවුල්, ආගම් ඔවුනටද මටසේම ඇති බව දැනේ.එසේ නොමැතිව තමන්ගේ දේවල් පිළිකුල් කරමින් අනුන්ගේ දේවල් දේවත්වයෙන් සලකන්නේ ඉතාම සෝභනයට බව අපි හොදින් දනිමු. ඔබගේ සැඟවුණ මානසික පිඩනයට මගේ මවුබිමට අපහාස නොකර කිසියම් ප්‍රතිකාරයක් ලබාගැනීම ඔබගේ සෞඛයයට යහපත්ය. සැබෑ දයාවෙන් සහෝදරත්වයෙන් මෙය ලියු බවත් සලකන්න. (අ)
පිටබැද්දර ජයා Tuesday, 14 July 2015 08:19 AM
මේ වනෝද්‍යානයේ හැමදාම දාන්නේ සුදු මිනිසුන්ගේ පින්තුර පමණි , ඔවුන්ව ආරක්ෂා කරන ඔවුන්ට සතුන්ගේ හැසිරීම කියාදෙන , වන සතෙකුගේ ප්‍රහාරයකින් උපායශීලිව බේරෙන හැටි කියාදෙන කළු මිනිසෙකුගේ පින්තුරයක් පවා පල නොකරන සුද්දෝ ඉතින් හැමදාමත් අපේ රුපවතිලට හොඳයි සුදුයි . මේවා අපේම කරුමේ අපේම කරුමේ (බ)
සේන Saturday, 11 July 2015 11:50 AM
රුපවති දැන් රට අත්හැරලා ගිහින් ඉන්නේ එක නිසා එයාට අයිතියක් නැහැ අපිව විවේචනය කරන්න. (අ)
රූපවතී Friday, 10 July 2015 07:02 AM
හරිම ලස්සනයි.....බිය ත්‍රාස...ජනකයි. හිත ගොඩාක් ශක්තිමන් මිනිසුන් පිරිසක් ඒ රිය තුල ඉදලා තියෙන්නේ? අපේ රටේ කට්ටියක් හිටියානම් හු කියලා කෑමොර දීලා ඒ සතුන්ගේ ප්‍රහාරයකට ඉබේම ලක්වෙනවා නොදැනුවත් කමට.හොද මිනිසත් කමින් හෙබි පැවතුම් ශරීරකූඩුවක දරාගෙන ජීවත් වෙන මිනිසාට කිසිවිටෙක වන හතුරෙකුගේන්වත් හිරි හැරයක් නොමවේ .(හේ)
තුෂාරි Saturday, 11 July 2015 12:17 PM
සත්තියාපාල මහතාණෙනි, ඔබගේ අදහස් වලට ගරු කරමි.මාද බටහිර රටක 25 වසරක් ජීවත් වෙමි.මගේ උපන් රට කිසිම දාක පාවා නොදෙමි. බටහිර රටක ජීවත් වුණත්, හැම තත්පරයකම මගේ සිතුවිලි බැඳී පවතින්නේ මගේ උපන් රට සමගයි. අපි දැනට ජීවත් වෙන රටටද ඉතා ගරු කරමි.මෙහි පුරවැසියන්ට පරිද්දෙන්ම අපටද සමානත්වයෙන් සලකන බැවින්.රූපවතී,එක්කෙනෙක් දෙන්නෙක්ගේ අඩුපාඩු වලට අපේ පුන්ණිය බුමියට අවමන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.ඔබ ජීවත් වෙන බටහිර රටේ,මෙවැනි මානසික රෝගයන්ට ප්‍රතිකාර ඇති සිතමි. (අ)
රූපවතී Sunday, 12 July 2015 05:34 AM
අපි ඔයාලගේ බණට වඩා හිතට එකගව ජීවත්වෙනවා ශ්‍රී ලාංකික කිසිවෙකුගෙන් මා හට හෝ මගේ පව්ලේ කිසිවෙකුට නොහොදක් වී නැත.. අපි උපන් ජීවත් වූ ගමේ සුවද අදටත් දැනෙන තරමේ ආදරණීය මතකයන් සමගින් ජීවත්ව වෙනවා..ඒ මිනිස්කම් තාමත් අපි ළඟ තියෙනවා .. විදේශයන්හි දී උපයන මුදලින් අසරණ දරු පවුල් හතරකට පාසල් යාම් ඇතුළු වියදම් සපයමින් ..ලෙඩ දුක් ඇති මිනිසුන්ට මුදලින් උපකාර කරමින් ..සැමදා පුවත් පත බලන්නේ උදේ තේ කෝප්පය අතෙන් අරන් ඒ උපන් මාතෘ භූමියේ අසරණයන් ගේ තොරතුරු දැනගැනීමට ඒ මාත් ශ්‍රී ලාංකික ගැහැනියක් කියනා ආඩම්බරයට ලේ කැක්කුමට එ්ත් කිසිම දවසක සිත සතුටුවෙන නිව්ස් එකක් අපේ රටෙන් දකින්න ලැබෙන්නේ නැහැ හැමදාම කෙකෙන් දෙන්නෙක් මරාදමල මිසක් ?..මම විදේශයක ජීවත් වුවත් පදිංචිය පවුල පිටින්ම, එ්ත් මට ලැබුණු මෙරට පුරවැසිකම මා තාම මගේ විදෙස් රටේ ගුවන් බලපතවත් නොලාබා ගත් ශ්‍රී ලංකාවට හිතෛශී කාන්තාවක් ඒ ලාබ ප්‍රයෝජන වලට වඩා මා ශ්‍රී ලාංකික කියනා ආඩම්බරය මා සතුව තියේ ..!! ඒත් මගේ රටේ මිනිසුන් කරනා දුර්ජන වැඩ මට වඩා ඔයාල ඒ රටේ පැය 24 ගෙවා දමමින් ඒ දුසිරිත් සමගින් පෝෂණය වෙනවා එ්ත් ඔයාලට ඇත්ත කියන්න බැහැ (බ)
පුලාරා Saturday, 11 July 2015 12:18 PM
මා රැකියාව කල තැනක විවිධ බටහිර ජාතිකයන් සිටි අතර අසියාතිකයන්ද කිහිපදෙනෙකු වැඩ කළා.ඒ අතර සිටි මැලේසියානු ද්‍රවිඩ පුද්ගලයෙකු ඔහු මේ රටේද පුරවැසියකු බැවින් ඔහුගේ රට ගැන ඇසු විට ඔහු තමන් මේ රටේ බව කිවා. එහෙත් සුදු ජාතිකයන් සිනාසෙමින් ඔහුට කියාසිටියේ මේ රටේ ගමන් බලපත්‍රයක් තිබුනට ඔබ මැලේසියානුවෙකු බවය. මේ ගැන පොඩි වාද කිරීමක් එහිදී ඇතිවූ අතර ඔවුන් ඔහුට කියාසිටියේ " බැල්ලියක් අශ්ව ඉස්තාලය තුල පැටවු ගැසුවාට එම පැටවූ බලු පැටවූ මිස අශ්ව පැටවු නොවන" බවය. එය ඉතා අපහාසාත්මක ප්‍රකාශයක් වුවද ඔහුට කළහැකි යමක් නොවිය. රුපාවති මේවා දැන සිටියොත් යහපත්ය. (අ)
විමල් Saturday, 11 July 2015 12:56 AM
මේ සතුන් කොච්චර හොඳද? (නි)
අබේන් Friday, 10 July 2015 07:15 AM
මේ වගේ කොටි ලංකාවෙත් හමුවෙලා නැතිද? (ස)
මංගල Friday, 10 July 2015 01:37 PM
කට්ටිය කැවනම් කොහොමද?(හේ)
විදුර Friday, 10 July 2015 01:48 PM
මේ අත්දැකීම ලබන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනේද.(හේ)
මංගල Friday, 10 July 2015 01:51 PM
සුන්දර දර්ශනයක්.(හේ)
පහන් Friday, 10 July 2015 01:54 PM
මේ දසුන දුර්ලභ දසුනක්.(හේ)
රූපවතී Tuesday, 14 July 2015 09:18 AM
පිටබැද්දර ජයා ..නාඬන් මස්සිනේ පෙරපින් නැතුවාට ...? අපි ආයෙත් කළු සුදු කැමරා පාවිච්චි කරමු. ප්‍රස්නේ ඉවරයිනේ ..? (ස)
සපුමල් Friday, 10 July 2015 08:39 AM
ශා ........නියමයි.................. ඇත්තටම මේ සත්තු හීලා කරපු සත්තු ද ? (ස)
රන්ජිත් Sunday, 12 July 2015 02:32 PM
මිනිසුන්ට හිතවත් සත්තු ඉන්නවා (නි)
ඕෂධ Friday, 10 July 2015 03:13 PM
අපේ රටේ හිටියා කකුල් දෙකේ කොටි.(හේ)
රූපවතී Friday, 10 July 2015 03:49 PM
කැළණි,අපි බැලිය යුත්තේ සුදුහම, කළුහම, මිනිසුන්ගේ පාට නොවේ. ක්‍රියාවන් , අදහස්.මිනිස්කම එතනයි. පැහැපත්කම තියෙන්න ඕනෑ තම හදවතේ පහළවන සිතිවිලි වල. (නි)