කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සැඟවුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සැඟවී සිට කැරැලිකරුවන්ට එරෙහිව ප‍්‍රහාරයක් සැලැසුම් කරන බව ඔහුගේ ප‍්‍රකාශක මූසා ඊබ‍්‍රහීම් පවසයි. ගඩාෆි මෙන්ම මූසා ඊබ‍්‍රහීම් ද කැරැලිකරුවන්ගෙන් බේරී සැඟවී සිටින්නෙකි. ඊබ‍්‍රහීම් මේ බව කියා සිටියේ රොයිටර් පුවත් සේවය සමඟ චන්ද්‍රිකා දුරකතනයක් හරහා සම්බන්ධ වෙමිනි. ”නායකතුමා හොඳින් ඉන්නවා. ඔහුගේ චිත්ත ධෛර්යය හීන වී නැහැ. ඒ වගේමයි ඔහු තවමත් ඉන්නේ ලිබියාවේ” යැයි ඊබ‍්‍රහීම් පවසයි. ලිබියා කැරැලිකරුවන් සහ ගඩාෆි හමුදා අතර සටන දීර්ඝ කාලයක් තිස්සේ පවතිනු ඇති බව ද ඊබ‍්‍රහීම් වැඩිදුරටත් කියා සිටියේය. ”ලිබියාවේ වැඩි බලයක් තවමත් තිබෙන්නේ අප සතුවය. උතුරු වෙරළ තීරය, බටහිර පළාත් සහ දකුණු දිග පළාත් තවමත් ඇත්තේ අප යටතේයි. දහස් ගණනක් ලිබියානුවන් ස්වේච්ඡාවෙන්ම අප සමඟ එක්වී ආයුධ ඇතැතිව සිටිනවා” යැයි ද ඊබ‍්‍රහීම් කීවේය. මේ අතර ලිබියා කැරැලිකරුවන් නියෝජනය කරන ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය කියා සිටියේ මූසා ඊබ‍්‍රහීම් ලිබියාවේ බානි වාලීඞ් කාන්තාර නගරයේ සැඟවී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැඟවී සිටින ගඩාෆි ප‍්‍රහාරයකට සැරසෙනවා