IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සිංගප්පූරු ආරක්ෂක සමුළුව චීනයට රතු එළියක්

පසුගියදා සිංගප්පූරුවේ පැවැති 11 වැනි ආරක්ෂක ප‍්‍රධානීන්ගේ සමුළුවේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පානටා ඉදිරි දශකයේ පැසිපික් කලාපයේ කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩ පිළිවෙළ ගැන කළ සඳහන නැගී එන ආර්ථික බලවතෙක් වන චීනය ඉලක්ක කරගත් බව පැහැදිලිය. මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ලොව දෙවන විශාල ආර්ථිකය වන චීනය අරමුණු කර ගත් එකක් නොවන බව ආරක්ෂක ලේකම් පානටා පැහැදිලි කළද පසුගිය වසර කීපය තුළ එක්සත් ජනපදය පැසිපික් කලාපීය රටවල් සමඟ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හා ඒකාබද්ධ හමුදා අභ්‍යාස හා සසඳා බලන විට වෙනත් පැහැදිලි කිරීම් අනවශ්‍යය. එක්සත් ජනපදය දැනටමත් ජපානය, දකුණු කොරියාව වැනි රටවල හමුදා සේනාංක රඳවා ඇති අතර පසුගිය වසරේදී ඔස්ටේ‍්‍රලියාව සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව ඩාර්වින් වරාය අසල විශාල හමුදා කඳවුරක් පිහිටුවීමට සැලසුම් කරයි. ආරක්ෂක ලේකම් ලියොන් පානටා සමුළුවේදී සඳහන් කළ ආකාරයට වසර 2020 වන විට ඇමරිකාවේ නාවික බලයෙන් සියයට හැටක්ම රඳවන්නේ පැසිපික් සාගර ප‍්‍රදේශයේය. දැනට මෙම අනුපාතය වන්නේ සියයට පනහකි. ඉදිරි වසර කීපය තුළ වෙනත් සාගර ප‍්‍රදේශවල රඳවා ඇති නාවික බලය සියයට හතළිහ දක්වා අඩු කිරීමෙන් මෙම අතිරේක බලය ලබා ගන්නා බව සඳහන් කළ පානටා එය හැඳින්වූයේ නැවත සමතුලනය කිරීමක් ලෙසිනි. පසුගිය වසරේ පැවැති ආරක්ෂක සමුළුවේදී ජනාධිපති ඔබාමා එක්සත් ජනපදය නැවත වරක් පැසිපික් කලාපය වෙත යොමු වන බව පැවසීමෙන් ප‍්‍රකාශයට පත් මෙම වැඩ පිළිවෙළ වඩාත් තීරණාත්මක වන්නේ දකුණු චීන මුහුදේ දුපත්වල අයිතිය පිළිබඳව චීනය හා කලාපයේ අනෙකුත් රටවල් වන වියට්නාමය, මැලේසියාව හා පිලිපීනය සමඟ මතු වී ඇති ආරවුල් නිසාය. මෙම කලාපයේ නාවික ගමන් මාර්ගවල සුරක්ෂිතාව තහවුරු කළ යුතු බව පවසන එක්සත් ජනපදය ආරවුලට මැදිවී සිටින රටවල් සමඟ ආරක්ෂක සහයෝගිතාව පවත්වා ගැනීමට හමුදා අභ්‍යාස ගණනාවක් පැවැත්වූයේය. දකුණු චීන මුහුදේ පිහිටා ඇති මිනිස් වාසයට නුසුදුසු එහෙත් අවට මුහුදේ තෙල් සම්පත් ඇතැයි සැලකෙන මෙම දුපත්වල අයිතිය ගැන චීනය හා අසල්වැසි රටවල් අතර මතභේද පැවැතියද ඒවා උත්සන්න වූයේ එක්සත් ජනපදය මෙම ප‍්‍රදේශයේ නාවික ගමනා ගමනය සුරක්ෂිත කිරීම තම වගකීමක් බව පවසමින් විශේෂයෙන් පිලිපීනය සමඟ ආරක්ෂක වැඩ පිළිවෙළක් ගොඩ නගා ගැනීමට ඉදිරිපත් වීමත් සමඟය. මෙම දුපත්වල අයිතිය පිළිබඳව පැන නැගී ඇති ගැටලූව අදාළ රටවල් සමඟ සාකච්ඡා කිරීමට චීනය සූදානම් වුවද එක්සත් ජනපදය ඊට සහභාගි කර ගැනීම ප‍්‍රතික්ෂේප කරයි. පසුගිය වසරේ පැවැති ආරක්ෂක සමුළුවේදී මෙම ප‍්‍රශ්නය සාකච්ඡාවට ගත යුතු යැයි එක්සත් ජනපදය යෝජනා කළ විට චීනය ඊට තරයේ විරුද්ධ විය. එම නිසාම චීනය ආරක්ෂක සමුළුවට සහභාගි කළ නියෝජිත කණ්ඩායම දෙවන පෙළ නායකත්වයට සීමා කෙළේය. මෙවරද චීනය සිංගප්පුරු සමුළුවට සහභාගි කෙළේ එවැනි බලතල සහිත නියෝජිත කණ්ඩායමකි. සිංගප්පූරු සමුළුවෙන් පසු ආරක්ෂක ලේකම් ලියොන් පානටා වියට්නාමයට ගිය අතර එහිදී ඔහු කතා කළේද ඇමරිකානු නාවික හමුදාවට මෙම කලාපයේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වන කාමරාන්ග් බොක්කේ නාවික පහසුකම් ලබා ගැනීම පිළිබඳවය. වියට්නාම යුද සමයේ ඇමරිකානු නාවික හමුදාව මෙම වරායේ පහසුකම් යොදා ගත්තේය.  ඉන් පසුව වියට්නාමය සමඟ සබඳතා නැවත ඇතිකර ගැනීමෙන් පසුව ඇමරිකානු නාවික හමුදාවට ඉන්ධන ලබා ගැනීම හා නඩත්තු කටයුතු සඳහා මෙම වරායේ  ඉඩ පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසුනද භටයින් රැඳවීමට අවසර ලැබුණේ නැත. වියට්නාම යුද්ධයට 60 වසරක් පිරෙන සමයේ ආරක්ෂක ලේකම් පානටා කාම්රාන්ග් බොක්කේ රඳවා ඇති ඇමරිකානු නාවික හමුදාවට අයත් යාත‍්‍රාවක සිට කළ ප‍්‍රකාශය අනුව නැවත වරක් කාම්රාන්ග් බොක්කේ නාවික පහසුකම් ලබා ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍යය. වියට්නාම සංචාරයෙන් පසුව ඔහු ගියේ උපාය මාර්ගික සම්බන්ධතා තර කර ගනිමින් සිටින ඉන්දියාවටය. ඉන්දියාවද වියට්නාමය සමඟ එක්ව මතභේදයට ලක්ව ඇති දුපත් අසල මුහුදේ තෙල් ගවේෂණ කටයුතු සඳහා සූදානම් වෙමින් සිටී. මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ චීනය ඉලක්ක කර ගත් එකක් නොවන බව එක්සත් ජනපදය අවධාරණය කරන නමුත් පැසිපික් සාගරයේ සිය නාවික බලය වැඩි කර ගැනීමෙන් හා ඒ අවට රටවල වරාය ආශි‍්‍රත පහසුකම් තහවරු කර ගැනීමෙන් චීනයේ ඉන්ධන හා අමුද්‍රව්‍ය සැපයුම මාර්ග කෙරේ බලපෑමක් වන බව සැඟවිය නොහැක. සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව එහි රඳවා තබන ඇමෙරිකානු භටයන්ට චීනයේ ප‍්‍රධාන සැපයුම් මාර්ගයක් වන මලක්කා සමුද්‍රසන්ධිය පහසුවෙන් පාලනය කළ හැක. මීට අමතරව මියන්මාරයේ නව ලිහිල් ප‍්‍රතිපත්තියත් සමඟ එක්සත් ජනපදය ආර්ථික හා ආරක්ෂක සහයෝගිතාවකට සූදානම්ව චීනයේ තත්ත්වය වඩාත් දුර්වල කිරීමේ උත්සාහයක් විය හැකිය. එහෙත් චීනය ආසියා කලාපයේ සහ ජපානයේ ප‍්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරුවා වීමද වැදගත් සාධකයෙකි. එක්සත්  ජනපදයට ආරක්ෂක කටයුතු පිළිබඳව සබඳතා තර කරගැනීම වැදගත්  වන්නාසේම ආසියාන්  රටවලට චීනය සමඟ පවත්වන ආර්ථික සබඳතාද වැදගත්ය. දැනට පවතින ප‍්‍රවණතාව අනුව එක්සත් ජනපදයට සිය ආරක්ෂක වැඩ පිළිවෙළ තහවුරු කරගත හැක්කේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් පමණි. ඒ සඳහා චීනයේ ආර්ථික ශක්තිය පවත්වා ගැනීමද තීරණාත්මක සාධකයකි. එය ආරක්ෂක ශක්තිය තහවුරු කර ගැනීමෙන් පමණක් පවත්වා ගත නොහැකි නිසා එක්සත් ජනපදයේ උපාය මාර්ගය සාර්ථක වන්නේද යන්න සැක සහිතය.

සටහන - මහින්ද හත්තක
පිලිපීනයේ ඇමෙරිකානු නාවුක හමුදා කඳවුරක් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා ඉන්දියානු ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනි සිංගප්පූරු ආරක්ෂක ලේකම් ඒන්ග් හෙන්



අදහස් (0)

සිංගප්පූරු ආරක්ෂක සමුළුව චීනයට රතු එළියක්

චූටි බබා Sunday, 10 June 2012 01:02 AM

ඇමරිකාව තව අවුරැදු කිහිපයකින් ජර්මනිය කලා වගේ යුද්ධයකින් මුලු ලෝකෙම පාලන බලය ගන්නද හදන්නෙ..?? ඒ කට සැළසුම් කරනව ව‍ගේ මටනම් පෙනෙන්නෙ...??

:       0       0

භානුක Tuesday, 12 June 2012 12:40 PM

3 වන ලෝක යුද්ධය නැවත ඇරඹෙයි වගේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site