IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සිංගප්පූරුව සීනි අධික සිසිල් බීමවර්ගවල දැන්වීම් තහනම් කරයි

සෞඛ්‍යයට දැඩි ලෙස හානිකරන, සීනි මිශ්‍ර සිසිල් බීම වර්ගවල දැන්වීම් සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර ඇත.

සිංගප්පූරුවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එවැනි නිෂ්පාදනවල අඩංගු සීනි මට්ටම හා පෝෂණ අන්තර්ගතයන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන විධිවිධාන හඳුන්වාදීමට ද එරට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

සිංගප්පූරුවේ අලෙවි කරන තම සමාගමේ බීමවල සීනි සාන්ද්‍රණය අඩු කිරීමේ සැලසුම්  සඳහා මේ ඔස්සේ අවස්ථාව සැලසෙන බව සිංගප්පූරු රජයේ මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් ලොව විශාලතම සිසිල් බීම සමාගම වන කොකාකෝලා සමාගම පවසයි.

අදාළ තහනම එරට සියලු විද්‍යුත්, මුද්‍රිත හා අන්තර්ජාල රූපවාහිනී මාධ්‍යවලට ද අදාළ වෙයි.

ඒ අනුව සෞඛ්‍යයට අහිතකර බීමවර්ගවල දැන්වීම් තහනම් කළ ලොව පළමු රට බවට සිංගප්පූරුව පත්වනු ඇත.

 -226-
 

(රොයිටර් ඇසුරෙනි)



අදහස් (1)

සිංගප්පූරුව සීනි අධික සිසිල් බීමවර්ගවල දැන්වීම් තහනම් කරයි

රවින් Monday, 14 October 2019 11:23 AM

කොහොමද එහෙම කළේ? උගතුන්ගෙන් පිරි කැබිනට් මණ්ඩලයක් (අමාත්‍ය මණ්ඩලයක් ) සිටින නිසා. හරි තීන්දු තීරණ ගැනීම කිසි පැකිලීමකින් තොරව සාධාරණ ලෙසින් ගැනීමේ හැකියාව. අනේ සාදු !!!! අප‍ රටෙත් නියම කැබිනෙට්ටුවක් තියනවා. පරණ උනත් ගෙදර මුල්ලේ තියන එක ඊට වඩා දහස් ගණනක් වටිනවා. අපේ මණ්ඩලය , ජාත්‍යන්තර සමාගම ගානක් දුන්නු ගමන් ඕනේ දෙයක් කරයි.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site