IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුවේ එන්නත් ගත් අයට කොරෝනා

ඉකුත් සති හතරක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි.

සිංගප්පූරුවේ මේ වනවිට ඔවුන්ගේ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර එරට ජනගහනයෙන් සියයට 75ක ආසන්න පිරිසක් මේ වනවිට එන්නත්කරණයට ලක් කර ඇත. සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනුව සිය ජනගහනයෙන් වැඩිම පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති රට වන්නේ ද සිංගප්පූරුවයි. සිංගප්පූරුවේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට මේ වනවිට එන්නත් දෙකම (සම්පූර්ණයෙන්ම එන්නත්කරණය) ලබා දී ඇත.

ඉකුත් සති හතරක කාලයේ දී (දින 28කදී) නව කොරෝනා වයිරස ආසාදිතයන් 1,096 දෙනකු හඳුනාගෙන ඇත. එයින් 484 දෙනකු එනම් සියයට 44කට ආසනන් පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත සඳහන් කරයි. එයින් සියයට 30ක් අර්ධ වශයෙන් එන්නත්කරණයට ලක්ව ඇති අතර (එක් එන්නතක් පමණක් ලබාගත් අය) වන අතර සියයට 25ක් එන්නත්කරණයට ලක් නොවූ අය බව එම අමාත්‍යාංශය කියයි.

ඉකුත් සති හතරක කාලයේදී හඳුනාගත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් හත්දෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් ඔක්සිජන් සහාය අවශ්‍ය වූ බවත් ඔවුන්ගෙන් හය දෙනකු එන්නත ලබනොගෙන බවත් අනෙක් පුද්ගලයා ලබාගෙන ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක් බවත් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

“එන්නත ලබාගැනීමෙන් දරුණු රෝගී තත්ත්ව ඇති වීම වළක්වනවා. මේ දත්ත ඊට කදිම උදාහරණයක්. එන්නත් මාත්‍රා ලබාගත් අයකුට වයිරසය ආසාදනය වුවත් ඔවුන්ට බරපතළ රෝගී තත්ත්ව ඇති වීමේ අවදානම අඩු වෙනවා” යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් (එන්නත් මාත්‍රා දෙකම) ට වයිරසය ආසාදනය වූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් ඇතැම් අවස්ථාවලදී මද අසනීප ගතියක් පමණක් පෙන්නුම් කරන බවත් එම අමාත්‍යාංශය කියයි.

එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එන්නත් ලබාගැනීම අකාර්යක්ෂම බව අදහස් නොවන බව ද සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

“එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ගේ ගණන වැඩි වෙනවාත් සමඟ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් අතර වයිරස ආසාදිතයන් අපිට ඉදිරියේදී වැඩි වැඩියෙන් වාර්තා වේවි” යැයි සිංගප්පූරුවේ ‘සිංගප්පෝර් ජාතික විශ්වවිද්‍යාලයේ සෝ ස්වී මහජන සෞඛ්‍ය පීඨයේ (පාසලේ) පීඨාධිපති තියෝ යික් යින්ග් පැවැසීය.

“ජනගහනයෙන් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කළ පිරිස සහ නොකළ ජනතාව සංසන්දනය කිරීම ඉතා වැදගත්” යැයි ද හෙතෙම කීය.

සිංගප්පූරුව එරට සියලු දෙනාම එන්නත්කරණයට ලක් කළ විට සියලු ආසාදිතයන් වාර්තා වන්නේ එන්නත්කරණයට කළ ජනතාවගෙන් යැයි ද ඔහු කීවේය.

අවසන් දින 14ක කාලයේදී වාර්තා වූ ආසාදිතයන්ගෙන් සියයට 88ක් එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 61 වැඩි පුද්ගලයන් ය. එය තරුණ කණ්ඩායමට වඩා වැඩි ය.

මෙම දත්ත දෙස බැලීමේදී එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් අතරින් වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය දුර්වල බව පෙනී යන බව ද සිංගප්පූරුවේ ඩියුක්-එන්.යූ.එස්. වෛද්‍ය පාසලේ මහාචාර්ය ලින්ෆා වැන්ග් පැවැසීය.

සිංගප්පූරුව එරටට ජාතික එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කරන්නේ ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා කොවිඩ්-19 මර්දන එන්නත් ය.

(රොයිටර්)



අදහස් (2)

සිංගප්පූරුවේ එන්නත් ගත් අයට කොරෝනා

CHANDIMA Friday, 23 July 2021 11:14 PM

හොඳ වෙලාවට සිංගප්පූරුවේ උන්නේ... මෙහෙ උන්නා නම් මෙලහට බෝර්ඩ් අල්ලගෙන පාරේ විරෝධතා පවත්වනවා...

:       0       363

Asanka Saturday, 24 July 2021 07:04 PM

ඕක සාමාන්‍ය දෙයක්... එන්නත් දෙකම ගත්තත් කොරෝනා හැදෙනවා. නමුත් මරණාසන්න වෙන්නේ නැහැ. හැම රටකම ඔහොම තමයි. එන්නතින් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩිවෙනවා.

:       36       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 688 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site