ඇමෙරිකාවේ විස්කොන්සින් සීක් දෙවොලට කඩා වැදී වෙඩි තබා සීක් ජාතිකයන් හය දෙනකු ඝාතනය කළේ මයිකල් පේජ් නමැති 40 හැවිරිදි ඇමෙරිකානුවකු බවත් ඔහු සුදු ජාතික අන්තවාදී කල්ලියක සාමාජිකයකු බවත් පොලිසිය පවසයි.
මයිකල් පේජ් සම්බන්ධ එම සුදු ජාතික අන්තවාදී කල්ලිය ගැන ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
පේජ් දේවස්ථානයට කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ඒ බව වාර්තා වී එහි ගිය පොලිස් නිලධාරියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පේජ් මියගියේය.
සුදු ජාතිකයන් ඉහළයි යැයි විශ්වාස කරන අන්තවාදී කල්ලි ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක කි‍්‍රයාත්මකය. වෙඩි ප‍්‍රහාරය තරයේ හෙළා දකිමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට නම් ඇමෙරිකානුවන් වශයෙන් සැවොම එකමුතු විය යුතු බවය.
මේ අතර ඇමෙරිකාවේ සීක්වරුන්ට එල්ල වූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා රජයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ සීක්වරු ඊයේ (7) නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීක් දෙවොලට වෙඩි තැබුවේ සුදු ජාතික අන්තවාදියෙක්
චාමර Thursday, 09 August 2012 06:49 PM
අනේ පවු නේද? යස වැඩේ. (නි)
ෂර්ෆාස් Wednesday, 08 August 2012 10:21 PM
තවත් ඇමරිකන් ත්‍රස්ත මැර ප්‍රහාරයක්. (නි)
කේ .එම් Wednesday, 08 August 2012 11:51 AM
ඔය මිනිස්සු ඔහොමම මතයි (දී)
ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 02:52 AM
ඔන්න පොටක් පෑදුණා. (නි)