IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සාකෝසිගේ සිරදඬුවම ඇරැඹේ

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ සිරදඬුවම ක්‍රියාත්මක විය. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා, පැරිසියේ පිහිටි ලෙ සැන්තේ බන්ධනාගාරයට යොමු කෙරුණු බවය.

සාර්කෝසි ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූයේ 2007 සිට 2012 තෙක් කාලයේය. සාර්කෝසි සහ ලිබියාවේ හිටපු නායක මුවම්මාර් ගඩාෆි අතරේ සමීප මිත්‍රත්වයක් පැවැතිණි.

සාර්කෝසි ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා ගඩාෆිගෙන් නීතිවිරෝධී ආකාරයට මුදල් ගත් බවට චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් සාර්කෝසි වරදකරු වුණු අතර පසුගිය දා ඔහුට වසර 5 ක සිරදඩුවමක් නියම කෙරුණි.

ඊට එරෙහිව සාර්කෝසි අභියාචනාවක් ඉදිරිපත් කර ඇත. එසේ වුවත්, අධිකරණය නියම කර ඇත්තේ, අභියාචනා ක්‍රියාවලිය සිදුවන අතරතුරේ වුව ද සිරදඬුවම ක්‍රියාත්මක විය යුතු බවටය. 

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුට සිරදඩුවමක් නියම වූ පළමු අවස්ථාව මෙන්ම, යුරෝපා රටක හිටපු රාජ්‍ය නායකයකුට සිරදඩුවමක් නියම වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.



අදහස් (0)

සාකෝසිගේ සිරදඬුවම ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site