
සංක්‍රමණිකයන් පිරිසක් ගමන් කළ කුඩා බෝට්ටුවක්, බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝට්ටුව ගිලී ගියේ කේප් වර්ඩේ දූපත් සමූහයට ඔබ්බෙන් මුහුදේය. මියගිය එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවෝ ද වෙති.
බෝට්ටුව මුහුදේ ගිලී ගියේ එය පෙරැළී යෑමෙන් යැයි කේප් වර්ඩේ වෙරළාරක්ෂකයෝ පවසති. එසේ වූයේ එහි පමණ ඉක්මවා පිරිසක් ගමන් කරමින් සිටි නිසා යැයි ද පැවැසෙයි.
බෝට්ටුවේ සිටි තවත් 38 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ. දිවි ගලවා ගත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තහවුරු වී ඇත්තේ, පිරිස මාසයකට වැඩි කාලයක් තිස්සේ එම කුඩා බෝට්ටුවේ ගමන් කළ බවය. කේප් වර්ඩේ කුඩා දූපත් ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ සිට කිලෝ මීටර් 600 ක් පමණ දුරිනි.
බෝට්ටුවේ සිටි සියලු දෙනා සෙනගල් වැසියන් බව තහවුරු වී ඇත. එම තහවුරු වීමෙන් පසු සෙනගාල විදේශ අමත්‍යාංශය පවසා ඇත්තේ බෝට්ටුවේ 100 කට වැඩි පිරිසක් ගමන් කරන්න ඇති බවය.
සෙනගල් යනු බටහිර අප්‍රිකා රාජ්‍යයකි. බටහිර අප්‍රිකා කලාපයේ දේහපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇති එකම රාජ්‍යය ලෙස සැලකෙන්නේ සෙනගාලයයි. එසේ වුවත්, රටේ දරිද්‍රතාව ඉහවහා ගොස් තිබේ. මිලියන 15.4 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 60 ක් මරුට