IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ෂෙබාබ් සටන්කාමීහු සෝමාලි නගරය අතහැර පලා යති

වසරකට අධික කාලයක් තිස්සේ තම ග‍්‍රහණයේ පැවැති කිස්මායෝ නමැති වරාය නගර අතහැර පලා යෑමට සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය සටන්කාමීහු පෙරේදා (29) තීරණය කළහ. සටන්කාමීන්ට නගරය අතහැර පලා යෑමට සිදුවූයේ සෝමාලි හමුදා කෙන්යානු හමුදා සමඟ එක් වී සටන්කාමීන්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. සෝමාලියාවේ අල් ෂෙබාබ් සටන්කාමීන් මුළු මහත් අපි‍්‍රකාවටම තර්ජනයක් වී ඇති අතර සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලියාවේ අසල්වැසියකු වන කෙන්යාව සෝමලි රජයට සහාය ලබා දෙයි. සෝමාලියාවේ පවතින්නේ දුර්වල මෙන්ම අස්ථාවර රජයකි. අල් ෂෙබාබ් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් රජය තවත් අස්ථාවර වී ඇත. අල් ෂෙබාබ් සටන්කාමීන්ට අවි ආයුධ සහ පුහුණුව ලබා දෙන්නේ උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයයි. 1,90,000 ක ජනගහනයක් වෙසෙන කිස්මායෝ නගරය, ෂෙබාබ් සටන්කාමීන්ගේ ග‍්‍රහණයට හසුවූයේ 2008 වසරේදී රජයේ හමුදා සමඟ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුවය. ඒ සටන් ඇවිළෙද්දී 12,000 කට වැඩි පිරිසක් නගරය අතහැර පලා ගියහ.



අදහස් (0)

ෂෙබාබ් සටන්කාමීහු සෝමාලි නගරය අතහැර පලා යති

අසිත Monday, 01 October 2012 01:39 PM

ඔවු ඉතිං. අනෙක් ජාතීන් සදාකල්ම මැරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

නුවන් Tuesday, 02 October 2012 02:51 AM

අසිතගේ මොළයේ පිහිටීමෙ වරදක් තියෙන පාටයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 01 October 2012 03:26 PM

බලමුකෝ කොයි ජාතියද ලොවින් තුරන් වෙන්නේ කියලා (ස)

:       0       0

මධූ Monday, 01 October 2012 12:48 PM

අන්තිමට මේ ජාතියට වෙන්නේ ජීවිත වලිනුත් පලායන්න තමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site