IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු හෙට

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ ඝාතනය, ජපානය පමණක් නොව, මුළු ලොවම කම්පනයට පත් කිරීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු ලබන 12 වැනිදා සිදු කෙරනු ඇතැයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

පසුගිය සිකුරාදා (8) නාරා නුවර වීදියක මැතිවරණ රැළියකට සහභාගී වෙමින් සිටිද්දී, හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි ප්‍රහාර දෙකකට ලක් විය. වෙඩි තැබීම කළේ 41 ක් හැවිරිදි ටෙට්සුයා යමගාමී නමැති ජපාන ජාතිකයාය. පොලිසිය කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත්තේය.

ටෙට්සුයා යමගාමී, වෙඩි තැබීම කළේ ඔහු විසින් නිපදවා ගත් බැරල් දෙකක තුවක්කුවකිනි. පළමු වෙඩි පහරින් අග්‍රාමාත්‍යවරයාගේ බෙල්ලත් දෙවැනි වෙඩි පහරින් ඔහුගේ හදවතත් පසාරු විය. කඩිනමින් රෝහල් ගත කළ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහලේ දී මියගිය බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගේ දේහය මේ වනවිට ටෝකියෝ නුවර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ප්‍රමුඛ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයෝ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බව වාර්තා වේ.

මේ අතර, ෂෙන්සෝ අබේ ඝාතනය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සොව පළ කළ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ඇමෙරිකාව සහ ජපානය අතර ශක්තිමත් මිතුදම් පවත්වා ගෙන යෑමට අබේ හේතුවක් වුණු බවය. සොව පළ කරමින් ධවල මන්දිරයේ ඇමෙරිකන් ධජ අඩකුඹු කිරීමට ද ජනාධිපති බයිඩන් උපදෙස් ලබා දුන්නේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම මිතුරකු ලෙස ෂෙන්සෝ අබේ සැලකෙයි. හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් සොව පළ කරමින්, ඊයේ (9) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
ෂෙන්සෝ අබේ ඝාතනය සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශෝක පණිවුඩ නිකුත් කරමින් පවසා තිබේ.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ, ඊශ්‍රායල අන්තර්වාර අග්‍රාමාත්‍ය යාර් ලුපිද්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ආදිහී ශෝක පණිවුඩ නිකුත් කළහ.

ජපන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩිම කාලයක් එම ධුරයේ රැදී සිටියේ අබේ ය. ජපානය ආර්ථිකමය වශයෙන් දුර්වල වෙද්දී, නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ආර්ථිකය පණ ගන්වමින් ශක්තිමත් කළේ ඔහුය. 2012 වසරේ සිට 2020 වසර තෙක් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්වය දෙමින්, අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ අසනීප සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 516 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site