IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශසිකලා සිවු වසරක් සිරගෙට යවයි

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඇයට හැකි ඉක්මනින් චෙන්නායි පොලිසියට බාර  වෙන ලෙස ද නියෝග කෙරිණ. ඇය සමග ඇගේ ඥාතීන් දෙදෙනකුටද මෙම දඬුවම නියම වනු ඇත.

ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත. 

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නමුත් ඇය මිය ගොස් ඇති නිසා ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ මෙහිදී විභාගයට ගෙන නොමැත. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් වෙන වෙනම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට විනිසුරුවරුන් දෙදෙනාම තීන්දු කළහ.



අදහස් (0)

ශසිකලා සිවු වසරක් සිරගෙට යවයි

මහී Tuesday, 14 February 2017 11:01 AM

රෝහිනී, ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකකුත් නෑ. (බ)

:       0       0

ලක්සිරි Tuesday, 14 February 2017 11:39 AM

අපේ රටේ නම් හොරකම් කරලා හිරගෙට යන එක වීරකමක්නේ. ඇත දෙකම උඩට පෙන්වලා තමයි ඒ අය වීරකම ප්‍රදර්ශනය කරන්නෙත්. (ර)

:       0       0

රවින් Tuesday, 14 February 2017 11:44 AM

ලංකාවේ උතුර දමිල ධිවරයින්ට අදහන සියලු දෙවිදේවතාවන් බැල්ම ලැබුනා. මෙයාගේ බෝට්ටු තමා වැඩිපුර උතුරු මුදුතිරයේ මාළු ඇල්ලුවේ. (ර)

:       0       0

සුධිර Wednesday, 15 February 2017 02:48 AM

මේ ලිපියේ තියෙන්නේ ඇයට දඬුවම් දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බව. එහෙනම් නිදහස ලැබෙන්න විදියක් නැහැ නොවේද? (නි)

:       0       0

චරිත Tuesday, 14 February 2017 12:16 PM

මෙතන අදහස් ඉදිරිපත් කරන හුගක් අය මේවායේ ඇතුලන්තය දන්නේ නැහැ වගෙයි. (ර)

:       0       0

අමල් Tuesday, 14 February 2017 01:34 PM

වැරදි කර ඇත්නම් දඬුවම් ෂුවර්. (ර)

:       0       0

මලී Tuesday, 14 February 2017 01:42 PM

ඔය කව්රු කව්රුත් බලයට නැහෙන්නේ, හොරාකාපු ධනස්කන්දය බේරාගෙන සුර සැප විඳින්නයි. මිනිසුන් දෙපිලට බෙදී මොවුන්ට සුර සැප දෙන්න කුලල් කා ගන්නවා. (ර)

:       0       0

රණවක Tuesday, 14 February 2017 02:06 PM

ලොකු අය වැරදි කරනවා, පස්සේ හිරේ දමනවා, ලෙඩ වෙනවා, රෝහල්ගත වෙනවා.... ටික කලකින්ම ඉතින් අභියාචනා එනවා... නීතීය ඒ අය නිදහස්ම කරනවා....... (නි)

:       0       0

අජිත් Tuesday, 14 February 2017 03:19 PM

ලංකාවේ කස්ටියටත් ඔය සෙන්ටෙන්ස් එකම තමයි බලන්නකෝ මොකද වෙන්නේ කියල ? (අ)

:       0       0

මොහොමඩ් Tuesday, 14 February 2017 06:34 AM

කල කම් පලදෙයි මෙලෙසේ (ම)

:       0       0

සරත් Tuesday, 14 February 2017 06:32 AM

ලංකාවෙත් ඔය වගේ ඉක්මනට තීරණ දෙන්ට බැරි මොකද (ම)

:       0       0

මහී Tuesday, 14 February 2017 06:39 AM

ඉන්දියාවේ සීජීආර් එක වගේම ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකත් හොඳයි වගේ. (නි)

:       0       0

ජනහිත Tuesday, 14 February 2017 06:39 AM

පුංචි අම්මට මේ මොකද වුණේ. අම්මත් හිටියා නම් දෙන්නටම එකට ඉන්න තිබුනා නේද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 14 February 2017 06:41 AM

ආසියාවේ ඔක්කොම දේශපාලුවෝ මේ වගේම හොරු තමා, මොන පාටෙන් හෝ පෙනීසිටියත්. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 14 February 2017 06:43 AM

ලංකාවෙත් බුරුතු ගණන් ඉන්නා දේශපාලන හොරුන්ට බයනැතුව, තරාතිරම නොබලා දඬුවම් දෙන්නා ඕනෑ. (නි)

:       0       0

විශ්ව Tuesday, 14 February 2017 07:02 AM

අපි කොච්චර ඉන්දියාව බැන්නත්, අපේ රටට වඩා නීතිය නම් හොඳට ක්‍රියාත්මක වෙන පාටයි. අපේ රටේ වෙච්ච මහ බැංකු වංචාව වගේ මහා හොරකම් වලට සම්බන්ධ අයටත් මේ වගේ තීන්දු අපේ රටේ අධිකරණයකින් කවදා ප්‍රකාශ කෙරෙයිද?? (නි)

:       0       0

දිමුත් Tuesday, 14 February 2017 07:21 AM

ලංකාවට ඒ පැත්තෙන් මාලු කේස් නෑ මේ දවස්වල... (ර)

:       0       0

ජනහිත Wednesday, 15 February 2017 06:53 AM

දැන් නම් අපේ අයට එන පොට හොඳ නැහැ වගේ. එහෙන් ඇමෙරිකන් සහයෝගය ඉවත් කළා වගේම මෙයා හිරේ ගියා. ඉන්දියාවේ තිබුන හිසරදය දැන් ඉවරයි. දැන් මොන අත්තෙ එල්ලෙන්නද මන්දා?

:       0       0

ජනහිත Wednesday, 15 February 2017 06:57 AM

ඔවු සරත්, නඩුව අහන්න අවුරුදු 20 ක් ගියා කියන්නේ එච්චරම කාලයක් නොවෙයිනේ. (නි)

:       0       0

අබරන් Tuesday, 14 February 2017 07:24 AM

එට්කා ගිවිසුම යටතේ නඩු ඇසීම පිණිස ඔය විනිසුරුවන් දෙදෙනාත් ලංකාවට ගෙන්විය යුතුයි... (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 14 February 2017 07:36 AM

ජයලලිතා ජයරාම්ටද මෙවැනි සිර දඬුවම් ලබා දුන්නද, එය ඉහල උසාවියකින් අහෝසි කර ඇය නිදහස ලබාගත් පරිදි, මේ මහත්මියත් සතියකින් එලියට ඇවිත් මහ ඇමතිනියවී, පරණ පුරුදු වැඩ අරඹන බව සහතිකයි. (ර)

:       0       0

රෝහිනී ගම්මන්පිල Tuesday, 14 February 2017 07:34 AM

මහී, ඉන්දියාවේ කොහෙද සී.ජී.ආර්. එකක් ඒක, ලංකාවේ දුම්රිය සේවය නේ. (ර)

:       0       0

කුමාර Tuesday, 14 February 2017 07:40 AM

අපේ රටේ සිටින දේශපාලන තක්කඩින්ට මේක හොඳ පාඩමක් (බ)

:       0       0

මොහාන් Tuesday, 14 February 2017 07:42 AM

විශ්ව, ලංකාවේ සිද්ධ වුණු අට අනූවක් හොරකම් වලින් ඔබට මතක මහා බැංකුව විතරද? (බ)

:       0       0

සුදාර Tuesday, 14 February 2017 08:28 AM

මෙන්න මෙහෙමයි දඬුවම් දෙන්න ඕන. (ර)

:       0       0

දයානි Tuesday, 14 February 2017 08:56 AM

බුදුදහමට අනුව කිසිම කෙනෙකුට වරදක්කර හැංගෙන්න පුලුවන්ද? මෙයාටනම් නීතියෙන්ම ලැබුනා. නොලේබුනානම් සෝබාදහමෙනුත් ලැබෙනවා. කොවූරුත් හිතන්නේ හැමදාම රජකරන්න. (ර)

:       0       0

ප්‍රියාන් Tuesday, 14 February 2017 09:35 AM

ලංකාවේ මේ වගේ නඩු අහල ඉකමනට තීරණ දෙනවා නම්... (ර)

:       0       0

කුමාර හේවගේ Tuesday, 14 February 2017 09:36 AM

අපේ රටේ අයනම් කවදාවත් හිරේ යන්නේ නෑ. හැමදාමත් දිනන පැත්තේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site