IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයාගෙන් ඉන්දීය අගමැතිගේ දේශනයට බාධා

නවදිල්ලි අගනුවර පෙරේදා (22) පැවැති අන්තර් ජාතික නීති සමුළුව ඇමැතීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සූදානම් වූ අවස්ථාවේදී සමුළුවට සහභාගී වූ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකුගෙන් ඔහුට බාධා එල්ල විය. නීතිඥවරයා මේසය මතට ගොඩ වී සිය කමිසය ගලවා අගමැති සිංට බැණ වදින්නට වූයේ අගමැතිවරයා හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට එරෙහිවය. ආරක්ෂක නිලධාරීන් වහා ඔහු වෙත කඩා පැන ඔහු ශාලාවෙන් පිටතට ගෙන ගොස් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. කලහකාරී ලෙස හැසිරුණු එම නීතීඥයා ශාලාවෙන් පිටතට ගෙන යෑමෙන් පසු අගමැති සිං සිය දේශනය පැවැත් වූ අතර දේශනයට පාදක වූයේ ද ඔහු හඳුන්වා දීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජයයි. ඉකුත් සතියේදී ඉන්දීය ජනපති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රධාන සන්ධාන පක්ෂයක් වන ති‍්‍රණමූල් පක්ෂය මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මත සන්ධාන රජයෙන් ඉවත්විය. අගමැති මන්මෝහන් සිං ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්තිය ජනතා හිතකාමී එකක් නොවීම සිය තීරණයට පාදක වූ බව ති‍්‍රණමූල් කොංග‍්‍රසයේ පක්ෂ නායිකාව මෙන්ම බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජි සඳහන් කළාය. නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන සිදු කිරීමට ඉඩ විවර වේ. ති‍්‍රණමූල් පක්ෂය පවසන්නේ ඒ හරහා ඉන්දීය සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්’ එල්ල වන බවත් එරට ආර්ථිකය අගාධයට ඇද දැමීමට හේතුවක් වන බවත්ය. මේ සම්බන්ධයෙන් විරෝධය පෑ එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු සහ වෘත්තීය සමිති සාමාජිකයෝ ඉකුත් සතියේදී පැය 24ක දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. කල්කටා, බැංගලෝර් සහ චෙන්නායි යන නගරවල දහස් ගණන් ජනයා මේ වැඩවර්ජනයට එක් වූ අතර එම නගරවල දුම්රිය ඇතුළු ප‍්‍රවාහන කටයුතුවලට බාධා එල්ල විය.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයාගෙන් ඉන්දීය අගමැතිගේ දේශනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site