IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාකිස්තාන නව අගමැතිට නියෝග

පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව නඩු පැවැරීමට අපොහොසත්වූ එරට නව අගමැති රාජා පර්වේස් අෂ්රෆ් හට මේ මස අගදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඊයේ(8) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ජනාධිපති සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාගය යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට අගෝස්තු 8 වැනිදා දක්වා කල් ලබා දී තිබිණ. අනතුරුව අද වනතෙක් එම නියෝගය අනුව කටයුතු කිරීමට අගමැතිවරයා අපොහොසත් වීම  හේතුවෙන් මේ මස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට නියෝග කර ඇත. පර්වේස්ට පෙර අගමැති ධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානිට ධුරය අහිමි වූයේ ද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම නියෝගයට අනුව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ නිසාය. එම නිසා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි වරදකරුවකු වූ අතර ඉන්පසු අගමැති ධුරය ද ඔහුට අහිමි විය. නව අගමැති ලෙස පර්වේස් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කටයුතු නොකළහොත් ඔහුට ද අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ඇතැයි පාකිස්තාන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉකුත් මාසයේදී අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ පාකිස්තාන ජනාධිපති සර්දාරිට එරෙහිව නඩු පැවැරිය හැක්කේ ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගියහොත් පමණක් බවත් ජනපති ධූරයේ රැඳී සිටිද්දී ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට නොහැකි බවත්ය.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාකිස්තාන නව අගමැතිට නියෝග

අමිල කටුනායක Thursday, 09 August 2012 06:56 PM

පරිස්සමින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 31 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site