IMG-LOGO

ශ්‍රීනගර් ප්‍රහාරයට සම්බන්ධ මොළකරු ගැටුම්වලින් මරුට

ආරක්ෂක අංශ සහ සටන්කාමීන් අතර සිකුරාදා (10) ඇති වූ ගැටුම් වලින් මියගොස් ඇත්තේ ශ්‍රීනගර් නගරයට එල්ල වූ ප්‍රහාර රැසක මොළකරු යැයි ඉන්දීය පොලිසිය කියයි.

දකුණු කාශ්මීරයේ ෂොපියාන් හීදී ඇතිවූ එම ගැටුම්වලින් මියගොස් ඇත්තේ ජම්මු සහ කාශ්මීරයේ අයි.එස් සංවිධානයේ ප්‍රධානියා යැයි සැළකෙන සකීර් මූසා සමඟ සමීප සබඳතා පැවැත්වූ සටන්කාමියකු වන ඉෂ්ෆාක් අහමද් සෝෆී නමැත්තා බව ද පොලිසිය සඳහන් කරයි.

පසුගිය කාලයේ දී ශ්‍රීනගර් නගරයට එල්ල වූ ප්‍රහාර රැසක් සැලසුම් කර ඇත්තේ මොහු බව ද ඔහු උමාර් යන නමෙන් ද හඳුන්වන බව ද ඉන්දීය පොලිසිය පවසයි.

ජම්මු සහ කාශ්මීර්හී බරමුල්ලා දිස්ත්‍රික්කයේ සෝපෝර්හි බී ආදර්ශ ගම්මානයේ පදිංචිකරුවකු බව කියන සෝෆී 2015 වසරේ සිට හර්කාත් උල් මුජහිදීන් නමැති සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි ද ඉන්දීය පොලිසිය කියයි.

අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන එම සංවිධානය පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන්නකි. එසේ වුවත් එම සංවිධානයේ වැඩි වශයෙන් සක්‍රීයව ඇත්තේ කාශ්මීරයේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.

සෝෆී 2016 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර 2018 දී ඇප මත මුදා හැර ඇතැයි ද පොලිසිය කියයි. සෝෆී ඇතුළු සටන්කාමීන් පිරිසක් හර්කාත් උල් මුජහිදීන් සංවිධානයෙන් ඉවත් වී ජම්මු සහ කාශ්මීරයේ අයි.එස්. සංවිධානය එක්වී ඇති අතර එහි නායක සකීර් මූසා සමඟ සමීප සබඳතා පවත්වා ඇත. 

 ද හින්දු ඇසුරිනි 
 
(ඡායාරූප ඒ.එෆ්.පී)

 055



අදහස් (0)

ශ්‍රීනගර් ප්‍රහාරයට සම්බන්ධ මොළකරු ගැටුම්වලින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1445 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site