IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


''වස'' කැවිලි කා වැඩ වරදී

වස මිශ‍්‍රව තිබූ කැවිලි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පකිස්තානයේ පුද්ගලයින් 23 දෙනකු මියගොස් 50 කට ආසන්න ප‍්‍රමාණයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

පකිස්තානයේ මධ්‍යම ප‍්‍රදේශයේ රසකැවිලි අලෙවිසැලකින් මෙම කැවිලි වර්ගය අලෙවි කර තිබෙන බව අනාවරණයව තිබෙන අතර එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

රසකැවිලි අලෙවිසැලට යාබදව පිහිටා ඇත්තේ කෘමිනාශක අලෙවිසැලක් වන අතර පොලිස් පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට අලූත්වැඩියා කටයුතු සිදුවන බැවින් එහි හිමිකරු සාප්පුව වසා , එහි තිබුණු කෘමිනාශක සියල්ල ගබඩා කර තබා ඇත්තේ රසකැවිලි අලෙවිසලේය.ඒ වෙළඳුන් දෙදෙන අතර පැවති මිත‍්‍රත්වය නිසාය.

කුමන හෝ ආකාරයකින් මෙවන් කෘමිනාශකයක් රසකැවිලි අලෙවිසැල් හිමියා අතින් ආහාර වලට මිශ‍්‍ර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්ය.

POSWEET-0425-01 POSWEET-0425-02 POSWEET-0425-03



අදහස් (0)

''වස'' කැවිලි කා වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site