වසර 33කට පෙර ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් වූ රුසියා සෙබළකු සොයා ගැනීමට සෝවියට් රතු හමුදාවේ හිටපු සෙබළු පිරික් සමත්වූහ.
1980දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේය. එම හමුදාවළ යාන්ත්‍රික බළ ඇණියක් සමග ගිය සෙබළ බක් රෙට්ඩින් කාකිමෝව් මිය ගියැයි රතු හමුදාව සිතා සිටියේය. එහෙත් දැනට අවුරුදු 53ක් වයසැති මේ උස්බෙක් ජාතිකයා ශීක් අබ්දුල්ලා නමින් ඇෆ්ගනිස්ථානයේ ඈත ගමක ජීවත් වෙයි. එඩේරකු වන ඔහු ඇෆ්ගනිස්ථාන ගැහැනියක ද සරණපාවා ගත් නමුත් අය මිය ගියාය. දරුවන් නැත.
දැන් ඔහු පාරම්පරික වෙදෙකි. යුද්ධයේදී තුවාල ලැබූ ඔහු කැලෑ කොළ වලින් බෙහෙත් සපයා ගැනීමෙන් ලද අත්දැකීම උපයෝගී කරගෙන වෙදකමේ යෙදී සිටී.
ඔහුට දැන් රුසියන් බස හොඳට කතා කළ නොහැකිය. එහෙත් රුසියා බස තේරුම් ගත හැකිය.ඔහු රුසියන් හමුදාවේ පිරිස ඔහු සොයා ගන්නා විට ඔහුගේ අතපය හොඳට තිබිණි.
ඔහුගේ මව්පියන් හා නෑයන්ගේ නම් ඔහුට මතක තිබුණ අතර ඔහු කියා ඇත්තේ ඔවුන් හමුවීමට අවශ්‍ය බවයි.
ඔවුන් ඉක්මණින් හමුවීමට නියමිතය. ඔහුගේ සහෝදර ශාරොක් පැවසූයේ මව්පියන් ඔහු දැකීමට දැන් ජීවත් නොවන බවයි. ‘මට මගේ සහෝදරයා ඉක්මණින්ම බලන්න ඕනෑ‘
අතුරුදන් වූ තවත් රුසියන් සෙබළුන් දෙදෙනකු ඔහු සිටින ගමේ ජීවත් වන බව ද ඔහු කීවේය.
මේ යුද්ධයේදී රුසියා සෙබළු පහළොස් දහසකට ආසන්න පිරිසක් ද, මුජහිදීන්වරුන් අනූ දහසක් පමණ ද, සාමාන්‍ය වැසියන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් ද මිය ගිය බව යුද වාර්තාවල දැක්වේ.
සෝවියට් සෙබළු 264 දෙනකු තවමත් ආගිය අතක් නැත.
2025 දෙසැම්බර් මස 18
16
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 33කට පසු රතු සෙබළා සොයා ගනී
සිල්වා Friday, 08 March 2013 08:05 PM
පුලුවන් නම් නැතිවුණු අනෙක් අයත් සොයාදෙන්න. ඔබට පින්! (නි)
එරංග Friday, 08 March 2013 04:07 PM
රහස් ඔත්තු සේවයෙන්ද දන්නෑ !!(ස)