IMG-LOGO

වසරේ පුද්ගලයා ට්‍රම්ප් ‘ටයිම්’ සගරාව කියයි

ඇමෙරිකානු ‘ටයිම්’ සගරාව, වසරේ පුද්ගලයා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ධුරයට දෙවැනි වරට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබේ. ඒ අනුව, නවතම ‘ටයිම්’ සඟරාවේ කවරය සහ ඇතුළු පිටු ට්‍රම්ප්ගේ ඡායාරූපවලින් සහ ලිපිවලින් පමණක් නොව, ට්‍රම්ප් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකින් ද හැඩ ගැනුවෙනු ඇත.

‘ටයිම්’ සඟරාව ලොව ප්‍රසිද්ධතම සඟරාවලින් එකකි. සෑම වසරකම ලොව කැපී පෙනෙන චරිතයක්, වසරේ පුද්ගලයා ලෙස නම් කිරීමට ‘ටයිම්’ සඟරාව කටයුතු කරයි. ‘ටයිම්’ සඟරාව විසින්, ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම් කළ දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. 

පළමු වරට ‘ටයිම්’ සඟරාව, ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම් කළේ 2016 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඔහු ජය ගත් අවස්ථාවේදීය. 

‘ඇමෙරිකන් දේශපාලනයේ පෙරැළි කරමින්, ඇමෙරිකන් දේශපාලනය නව මඟකට යොමු කරන අයකු ලෙස ට්‍රම්ප් සැලකිය හැකි යැයි ‘ටයිම්’ සඟරාවේ, කර්තෘ සෑම් ජේකොබ්ස් පෙන්වා දී ඇත.

ට්‍රම්ප් සම්බන්ධ කර ගනිමින් පැවැත්යූ සම්මුඛ සාකච්ඡාවේදී, නව ධුර කාලයේදී ඉරානය සමඟ යුද්ධ කරනවාදැයි ‘ටයිම්’ සඟරාව ට්‍රම්ප්ගෙන් විමසයි. ‘ඒක කියන්න බැහැ. ඕනෑම වෙලාවක ඉරානය සමඟ යුද්ධයකට යන්න පුළුවන්’ යැයි ට්‍රම්ප් පිළිතුරු දී ඇත.



අදහස් (0)

වසරේ පුද්ගලයා ට්‍රම්ප් ‘ටයිම්’ සගරාව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 553 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 981 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site