ඉකුත් බදාදා (22) සවස් වරුවේ ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කලීඩ් මසූද් නැමැත්තා අයි.එස්.අයි.එස් සංවිධානයේ උපක්‍රම භාවිතා කළ ද ඔහු අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු නැතැයි බ්‍රිතාන්‍ය පොලිසියේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඬේලිමේල් පුවත් සේවය අද (27) වාර්තා කළේය.
වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය සහ එරට බුද්ධි අංශ පරීක්ෂණ පවත්වන අතර විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පොලිසියේ නියෝජ්‍ය සහකාර කොමසාරිස් නීල් බාසු කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මසූද් මෝටර් රථය පැය හැතැප්ම 76ක වේගයෙන් පදිකයන් යට කරමින් පදවාගෙන ගොස් ඇතැයි ද ප්‍රහාරයට ගත වී ඇත්තේ තත්පර 82ක කෙටි කාලයක් යැයි ද එහිදි අනාවරණය වී තිබේ.
‘කලීඩ් මසූද්ගේ ප්‍රහාරක ක්‍රමවේද අත්දැකීම් අඩු බවක් පෙන්නුම් කරනවා. ඒවා අනෙක් ප්‍රහාර දෙස බලන විට තාක්ෂණයෙන් බාලයි. වියදම් අඩුයි. එහෙත් ඔහු එල්ල වූ නව, තාක්ෂණික සහ දරුණු ප්‍රහාර අනුකරණය කළ බවක් පෙනී යනවා. මෙම ප්‍රහාරය බොහෝ දුරට අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරවලට සමානයි. එහෙත් දැනට ඔහු අයි.එස් සංවිධානයට හෝ අල්කයිඩා සංවිධානයට හෝ සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. එහෙත් ප්‍රහාරය දෙස බැලීමේදී ජිහාද්වාදී ස්වරූපයක් තිබෙනවා’ කොමසාරිස් නීල් බාසු කීය.
මසූද් සිරගත වී සිටි කාලයේදී මූලධර්මවාදී/අන්තවාදී වූ බවට තොරතුරු වාර්තා වුවද ඒ කිසිවක් සනාථ කළ හැකි කිසිදු තොරතුරක් ලැබී නැතැයිද බ්‍රිතාන්‍ය පොලිසිය තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් සිරභාරයෙන් නිදහස් වී වසරකට පසු කලීඩ් මසූද් ඉස්ලාම් දහම ඇදහීම ආරම්භ කර ඇත.

ඬේලිමේල් ඇසුරිනි 055
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරකයා අාධුනිකයෙක්ද
දිමුත් Tuesday, 28 March 2017 07:25 AM
සාමයේ ආගමේ තවත් වීර ක්‍රියාවක්. අල්ලා හු අක්බාර් කියලා මිනි මරනවෝ.. අපේ රටේ මේ ත්‍රස්තවාදි ආගම තහනම් කරලා රටට සාමය ගෙනෙව්...
kumar (galf) Wednesday, 29 March 2017 06:50 AM
හරියටම තමන්ගේ ආගම ධර්මය ඉගෙනගෙන පිළිපැදලා ඒ අනුව ක්‍රියාකරපු කෙනෙක්.
Marikkar Wednesday, 29 March 2017 07:05 AM
ආගම් නාමයෙන් පිස්සු කෙලින මානසික රෝගීන් කරන ක්‍රියාවක් උපුටාගෙන යම් ආගමක් විවේචනයට ලක්කිරීමට පෙර දිමුත් වගේ උදවිය ඉස්ලාමීය මූලධර්ම සම්බන්ද සත්‍ය වටහා ගත්තට පසු අදහස් ප්‍රකාශ කරානම් වටිනවා....
RISHARD Wednesday, 29 March 2017 01:26 PM
ඒවා මේ ගොල්ලන් බලන්නේ නැහැ. ජාතිවාදයක් ගැන විතරයි බලන්නේ හරියට මුස්ලිම්වරු විතරක් වැරදි කරනවා වගේ ....
jagath Wednesday, 29 March 2017 12:03 PM
මුස්ලිම් සියලු දෙනාම ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම නවතන්න. ISIS සංවිධානය මුස්ලිම්වරුන්ට තමා වැඩිපුරම හිංසා කර තිබෙන්නේ. මුස්ලිම් අය අතුරින් බහුතරයක් සාමකාමී අයයි. අපි හැම මුස්ලිම් මනුස්සයෙක්ම ISIS කාරයෙක්ය කියා සැලකුවහොත් ඔවුන්ද අන්ත වාදයට තල්ලු විය හැකියි. අනිත් ආගම් අදහන අය අතරත් අන්ත වාදීන් නැද්ද?