IMG-LOGO

වසංගතය දැන්ම අවසන් වේවි හිතන්න එපා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් නව අනතුරු ඇඟවීමක් කළේය.

'කොවිඩ් 19 වසංගතය දැන්ම අවසන් වේවි යැයි සිතන්න එපා. වසංගතය තවම අවසන් නැහැ. වසංගතයේ සැර බාල වීම අවතක්සේරු කිරීම අනුවණකමක් වෙන්න පුළුවන්. එසේ අවතක්සේරු කළ නිසාම, වයිරසය රිසි පරිදි සමාජයේ පැතිරෙනවා. තව තවත් නව විකෘති ප්‍රභේද නිර්මාණය වීමට එය හේතුවක් වේවි' යැයි ජිනීවා නුවර මාධ්‍ය හමුවක් පවත්වමින් ගෙබ්‍රියේසිස් මෙසේ අනතුරු ඇඟවීම කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය.

'මා සිටින්නේ ඇත්තටම කනස්සල්ලෙන්. රටවල් බොහොමයක් කොවිඩ් 19 වසංගතය මර්දනයට පැනැවූ සෞඛ්‍ය නීති ඉවත් කර තිබෙනවා. ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ නිසි ලෙස සිදු කරන්නේ නැහැ. තවත් කොවිඩ් 19 රැල්ලක් පැතිරීම ආරම්භ වුවහොත් එය ලෝකයට දරුණු ඵල විපාක අත්පත් කර දෙන්න පුළුවන්' යැයි මාධ්‍ය හමුවේ දී ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.

මේ අතර, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප ප්‍රභේදය රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවත්, ඒ ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ප්‍රකාශ කළේය.

‘බී.ඒ.5’ සහ ‘බී.ඒ.4’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද දෙකය. මෙම උප ප්‍රභේද දෙක අතරින් ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5’ ප්‍රභේදය යැයි තහවුරු කරගෙන තිබේ.

‘බී.ඒ.5’ ප්‍රභේදය මේ වනවිට රටවල් 70 කට වඩා ව්‍යාප්ත වී ඇතැයි ද පැවැසෙයි. යුරෝපා රටවලත් ඇමෙරිකාවෙත් 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ මෙම විකෘතිය නිසාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වසංගතය දැන්ම අවසන් වේවි හිතන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site