IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වෙසක් පොහොය නිමිත්තෙන් මෝදි ලුම්බිණියේ

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන 2566 වැනි බුද්ධ ජයන්ති උළෙලට සහභාගී වීමේ ද අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ ලුම්බිණි නුවරට පැමිණියේය.

නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබාගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

2014 වසරේ දී පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, මෝදි නේපාලයේ සංචාරයකට පැමිණි පස්වැනි අවස්ථාව මෙය වන නමුත්, මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු කිසිදු අවස්ථාවක සිදුහත් කුමරුන් උපත ලැබූ ලුම්බිණියේ සංචාරයක කර නැත.

ඒ අනුව ලුම්බිණියේ සංචාරයකට සහභාගී වන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ මෝදිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, මායාදේවි විහාරස්ථානය වැදපුදා ගත්තේ නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබා සමඟය. අශෝක ස්ථම්භයට පුෂ්පෝපාර දැක්වීමට, බෝධීන් වහන්සේ දෝවනයට මෝදි අමතක නොකළේය.

මෙම බෝධීන් වහන්සේ නේපාලනයට තෑගි කළේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිය. ඒ, 2014 වසරේ ඔහු පළමු වරට නේපාලයට පැමිණි අවස්ථාවේදීය. බෝධීන් වහන්සේ බුද්ධගයාවේ සිට නේපාලයට වැඩම කෙරුණි.

ඉන්දියාවේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ආධාර යටතේ, ලුම්බිණි නුවර බෞද්ධ සංස්කෘතික සහ උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ඉදි කෙරන අතර, ඊට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම අවස්ථාවේදී ඉන්දියාවත් නේපාලයත් අතර සංස්කෘතික සහ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් මෝදි සහ ෂෙයිර් බන්දූර් දෙයුබා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඉන්පසු දෙයුබා, මෝදි සහ මෝදි සමඟ නේපාල සංචාරයට පැමිණි ඉන්දීය ධූත පිරිස වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද කටයුතු කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2566 වැනි බුද්ධ ජයන්ති උළෙලට සහභාගී වී, ඊට සහභාගී වූවන් ආමන්ත්‍රණය කළේ ඉන් අනතුරුවය. සංඝයාවහන්සේලා, විද්වතුන් ඇතුළු බෞද්ධ මැතිමතුන් දහස් ගණනක් මෙවර බුද්ධ ජයන්තියට සහභාගී වී සිටියහ. මෝදි, සිවු දිනක් නේපාලයේ රැදී සිටිනු ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

වෙසක් පොහොය නිමිත්තෙන් මෝදි ලුම්බිණියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site