IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


විස්කම් සැත්කම්න් දැරි බේරා ගනී

හෘදය හා පෙනහලූ සම්බන්ධ කෙරෙන රුධිර නාළ ඉතා අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසාවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටි කුඩා බිළිදියකගේ ජීවිතය විශ්මිත සැත්කම් දෙකකින් පසු බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.

චෝල් බෙනට් ලෙස නම් තබා ඇති මේ බිළිඳියගේ වයස දැන් යන්තම් සති දෙකකි.මේ සති දෙකට ඇය බරපතල ගණයේ සැත්කම් දෙකකට මුහුණදී ඇත්තීය.

ඇයගේ මව වන ස්ටෙෆනි බෙනට් පවසන්නේ දරුවා ලැබීමට සති 20 කට පෙර සිදුකෙරුණු පරිලෝකන පරීක්ෂාවේදී දරුවාගේ හෘදයේ අසාමාන්‍ය පිහිටීමක් ඇති බව හදුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකිවූ බවයි

‘‘ඔවුන් කීවා දරුවාගේ හෘදයට පෙනහලූ වලින් රුධිරය සපයන නාළ සම්බන්ධ වෙලා තියෙන ආකාරයේ වැරැද්දක් තියෙනවා කියලා.ඒ කියන්නේ දරුවාගේ රුධිරය එක්ක ඔක්සිජන් මිශ‍්‍ර වන්නේ නැහැ කියලා ඔවුන් පැවසුවා.ඒ කතාව අහපුවම මගේ ලෝකයම කඩා වැටුණා වගෙයි දැනුනේ‘‘ ඇය කියන්නීය.

කෙසේනමුත් උත්සාහය අතහැරීමට කටයුතු කළේ වෛද්‍ය පිරිස නම් නොවේ.දරුවා ඉපැදුනු විගස ඇයගේ තත්ත්වය තාවකාලිකව මගහැරවීමට සැත්කමක් සිදුකිරීමට ඔවුහු සූදානමින් සිටියහ.

උපත ලබා පැය 3 ක් ගතවීමට මත්තෙන් කුඩා චෝල් තම පළමු සැත්කමට මුහුණ දුන්නාය.ඇයගේ රුධිරය හා ඔක්සිජන් මිශ‍්‍ර කරවීම සදහා වෛද්‍යවරු ඇයගේ නාභියේ සිට හෘදය දක්වා බටයක් ඇතුලූ කළහ.එම බටය ආධාරයෙන් ඇයගේ රුධිරය හා ඔක්සිජන් මුසු කිරීම සිදුකෙරුණි.

‘‘මට දරුවාව අතේ තියාගන්න ලැබුණේ තත්පර ගණනයි.ඔවුන් අය මාගෙන් ඉවතට රැගෙන ගියා.පස්සේ මම සනීප වෙලා ඇයව බලන්න ගියාම මට දකින්න හැකිවුනේ බට ගොඩක් සිරුරට එහෙන් මෙහෙන් සවිකරලා තිබුණු මගේ කුඩා චෝල්ව.නමුත් ඇය ජීවතුන් අතර සිටියේ.මම දෙවියන් යැද්දා ඇයට කිසිත් අනතුරක් නොවන ලෙසට.‘‘ මව වන ස්ටෙෆනි පවසන්නීය.

මෙම තාවකාලික ක‍්‍රමය ආධාරයෙන් චෝල්ව ජීවතුන් අතර තබාගැනීමට වෛද්‍යවරු සමත්වූහ.ඇය ඉපිද දවස් 7 ක් ගතවූ තැන දෙවන සැත්කමද ඔවුහු සිදුකළහ.

‘‘ඒ සැරේ කළේ ඇයගේ හෘදයේ සිට පෙනහලූවලට හරි විදිහට සම්බන්ධ වෙලා නොතිබුණු රුධිර නාළ ටික සම්බන්ධ කරන එක.ඇයගේ හෘදය කෙතරම් කුඩාද කියනවාවනම් ඒක පෙනුනේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.දෙවියන්ගේ පිහිටෙන් සැත්කම සාර්ථක වුනා‘‘ ස්ටෙෆනිගේ මුහුණේ සතුට ඉතිරේ.

දැන් චෝල් සිටින්නේ ඇයගේ නිවහනේය.ඇයගේ සොහොයුරන් දෙදෙනා හා සොහොයුරිය ඇයව හොදින් රැකබලා ගන්නෝය.

‘‘ඇයට සැත්කමක් කරලා කියලා සාක්කියකට තියෙන්නේ ඇයගේ ළැමේ තියෙන කැළල විතරයි.ඇය අපට කිසිම අයුරකින් කරදර කරන්නේ නැහැ.ඇය නිතරම සිනාවෙන් තමයි ඉන්නේ‘‘ තම දියණිය තුරුලූ කරගනිමින් ස්ටෙෆනි පවසන්නීය.

kk1 kk2 kk3 kk4

 



අදහස් (0)

විස්කම් සැත්කම්න් දැරි බේරා ගනී

මාර්ලන් Wednesday, 20 August 2014 03:24 AM

ගොඩ් බ්ලෙස් (නදී)

:       0       0

පහන්දී Saturday, 23 August 2014 06:46 AM

මොනවද මේ නිම්මි කියල තියෙන්නේ. ඒ පුංචි දරුවට ඉක්මන් සුවය ලැබේවා! කිසිම අයුරකින් කිසිම කරදරයක් නොවී හොදින් ලොකු මහත් වෙන්න චුටි දු පැටියෝ. (නදී)

:       0       0

අසංක Wednesday, 20 August 2014 04:38 AM

මට තේරෙන්නේ නැහැ කොහොමද එක වෙලාවක දොස්තර දෙවිවරු එක පාරටම පල් හොරු කියල සමහරු කමෙන්ට් දමන්නේ කියලා. දොස්තරලගේ අගය දැනෙන්නේ තමන්ටත් ඔය වගේ දෙයක් උනහම තමා. පින් සිද්ද වේවි දොස්තරලට ගරහන්නත් එපා ප්‍රශස්ති කියන්නත් එපා (නදී)

:       0       0

ප්‍රියන්ති Wednesday, 20 August 2014 04:43 AM

ඔබට‍ දීර්ගායුෂ ලැබේවා දුවේ. (නදී)

:       0       0

නිම්මි Wednesday, 20 August 2014 06:06 AM

ඔයාට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

ශානිකා Wednesday, 20 August 2014 06:25 AM

මේ චූටි පැටියට ඉක්ක්මනට සුවය ලැබෙන්න ඕනේ. (ස)

:       0       0

සමරකෝන් Wednesday, 20 August 2014 08:34 AM

පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Tuesday, 19 August 2014 02:25 PM

පෙර ආත්මයක ලැබුණු පිනත් මිහිපිට සිටින දෙවිවරුන්න්ගේ කැපවීමත් ඒ දෙමාපියන්ගේ තියන වසනා බලයත් එකට හමුවුණ සුන්දර මොහොතක ප්‍රතිපලයක් ....ඔබට දීර්ඝයුවේව දුවේ..(අ)

:       0       0

රවිදු Friday, 22 August 2014 08:02 AM

ඔබට මේ ලෝකයේ වැඩ සිටින දෙවියන්ගේ පිහිට ලැබේවා! (අ)

:       0       0

ශීලා Tuesday, 19 August 2014 08:28 PM

මොනතරම් බැරෑරුම් ශල්‍යකර්මයක් වෙන්න ඇද්ද?වෛද්‍ය විද්‍යාව තව තවත් දියුණු වේවා! (නි)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 09:28 PM

නිරෝගී සුවය සමඟින් ඉක්මනට ලොකුවෙන්න චුටියෝ. ඔයාට තෙරුවන් සරණයි ..! (නි)

:       0       0

කලුපෙරුම Thursday, 21 August 2014 10:49 AM

මේ පොඩ්ඩාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site