වෝල් ස්ටී‍්‍රට් මූල්‍ය වෙළෙඳපොළේ අක‍්‍රමිකතාවලට මෙන්ම ඇමෙරිකාවේ ව්‍යාපාර සහ මූල්‍ය සමාගම්වල කටයුතුවලට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පෙරේදා (8) පැවැති විරෝධතා රැලියට පොලිසියෙන් බාධා එල්ල වූ අතර විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුමක් ද හට ගැනුණි.
විරෝධතාකරුවන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. පොලිසිය ප‍්‍රකාශ කළේ 8,000 කට වැඩි පිරිසක් එම විරෝධතා රැලියට එක්ව සිටි බවය.
රටේ ආර්ථිකය ඉතා සුළු පිරිසක් අතේ රැඳේ ඇති බවත් එම සුළු පිරිස ආර්ථිකය හසුරුවන්නේ ඔවුන්ට වාසි වන අයුරින් හා ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බවත් විරෝධතාකරුවෝ පවසති. මීට දින කිහිපයකට පෙර විරෝධතා රැලියක් පැවැත්වීමට නිව්යෝක් නුවර වැසියෝ උත්සාහ කළහ. එහිදී 700 ක් දෙනා අත්අඩංගුවට ගැණුනි.
ධනේශ්වර ආර්ථිකයේ මුදුන් මල්කඩ යනුවෙන් ද සැලකෙන ඇමෙරිකාව පමණක් නොව යුරෝපා රටවල් රැසක් මේ වනවිට ආර්ථික අර්බුදවලට මුහුණ පා ඇති අතර ජනතා සහන සහ රැකියා කප්පාදු හේතුකොට ගෙන ජනතාව දැඩි අසීරුතාවනට මුහුණ දී සිටිති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වොෂින්ටන් විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති