IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය. අත්භූත එළි 4 චතුරශ්‍රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද එම පුවත්පත ප්‍රකාශ කළේය.

මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය. හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයකි.



අදහස් (5)

වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?

බකල ජයා Friday, 29 November 2024 04:51 PM

බයිඩ්න් බීලාද පීරිසි පියාඹන්නේ...?

:       0       7

රුවන් Friday, 29 November 2024 04:54 PM

පිටසක්වල ජීවින්, ඉන්නවා අපි අතරම. ඔවුන් කවදාවත් මුහුණට මුහුණ හමුවෙන්නේ නෑ. මොකද මිනිස්සු කියන්නේ බලලෝභී සත්තු කොට්ඨාසයක්. පිටසක්වල ලෝක වුනත් විනාශ කරන්න පුළුවන්...!

:       0       6

Ama Friday, 29 November 2024 05:39 PM

හේ නිව්යෝර්ක් මේවා දේවතා එළි....

:       12       11

වික්‍රම විදුර Friday, 29 November 2024 08:51 PM

ඕවට කියන්නේ තරු තරු.. කොහේද නිසි අධ්‍යාපනයක් නැති ඇමරිකන් කාරයෝ තාම බලිතොයිල් පිටසක්වල යානා ගගා ඉන්නවනේ...

:       0       0

kamal Saturday, 30 November 2024 11:15 AM

වැඩක් නැහැ. ලොකු කතා කිව්වට කවුරුවත් බිම දාගන්න බැරිවුණා. කතාව නම් ලෝකෙටම ගහන්න.. කෝ ඔයාලගේ මහලොකු වෙපන්ස්...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site