IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගයකින් අගමැති මෝදි පරද්දන්න අමාරුයි

විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පවසයි.

අග්‍රාමාත්‍ය මෝදිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය තීරණය කළේ  26 දිනයේය. ඒ, මනිපූර් ප්‍රාන්තයේ සිදුවන වාර්ගික ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය.

විශ්වාසභංගයක් පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවට ඉදිරිපත් කිරීමට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය සූදානම් වෙයි. රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂය ද එම සන්ධානයේ හවුල්කාර පක්ෂයකි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලොක් සභාව) මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේවනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000 කට උන්හිටිතැන් අහිමිවී තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 542 කි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජයට හිමි ආසන ගණන 301 කි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පැහැදිලි කර තිබේ.



අදහස් (0)

විශ්වාසභංගයකින් අගමැති මෝදි පරද්දන්න අමාරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site