යුක්රේනයේ නෝවා කහෝව්කා වේල්ල කැඩී යෑමත් සමඟ මහා ජල කඳට හසුවීමෙන් ගම්මාන සහ නගර 80 ක් මුළුමනින්ම විනාශ විය. උන්හිටිතැන් අහිමිවුණු ගණන 42,000 කි.
වේල්ල කැඩී විනාශ වූයේ ආක්‍රමණික රුසියන් හමුදා එය පුපුරුවා හැරීමෙන් යැයි යුක්රේන රජය සහ හමුදාව චෝදනා කර ඇති නමුත්, රුසියාව සහ රුසියන් හමුදාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව ද පවසා ඇත්තේ වේල්ල කැඩී ගියේ කෙසේදැයි තමන් ද හරිහැටි නොදන්නා බවය.
වේල්ල කැඩී මහා ජල කඳින් නිවාස යටවෙද්දී යුක්රේන වැසියෝ නිවාසවල වහලවලට නැග ගත්හ. ජල කඳට කොටු වී වහල මත සිරවුණු වැසියන් මුදා ගැනීම ගැටලුවක් වී ඇතැයි යුක්රේන රජය පැවසීය. වේල්ල කැඩී යෑමත් සමඟ නිකුත් වූ මහා ජල කඳ කළ විනාශය චන්ද්‍රිකා ඡායාරූපවලින් ද දකින්න ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නෝවා කහෝව්කා යනු යුක්රේනයේ ප්‍රධාන වේල්ලකි. වේල්ල ඉදි කර ඇත්තේ ජල විදුලි බලාගාරයක් වෙනුවෙනි. යුක්රේනයේ විදුලි බල පද්ධතියට මෙම බලාගාරයෙන් එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 357 කි. වේල්ල කැඩී යෑමෙන් පසු බලාගාරයේ කටයුතු අඩපණ වී ඇතැයි ද පැවැසෙයි.
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය උණුසුම් ජලය ලබා ගැනීම සිදුවූයේ ද මෙම වේල්ල අයත් ජලාශයෙනි. ඒ අනුව, න්‍යෂ්ටික බලාගාරවල කටයුතු ද අඩපණ වෙමින් පවතින බව වාර්තා වේ. වේල්ල කැඩඩීපහත් බිම් යටවී යද්දී බොහෝ දෙනකු ආරක්ෂිත ස්ථානවලට ගිය බව පැවැසෙයි. එසේ වුවත්, ජල පහරට හසුවීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් ගැන ද වාර්තා වේ.
නෝවා කහෝව්කා වේල්ල කැඩී සිදුවුණු විනාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තොනියෝ ගුටරේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සැපැයීමේ කටයුතු පිළිබඳ ප්‍රධානී මාටින් ග්‍රිෆිත් සිය කනස්සල්ල පළ කර තිබේ. රුසියන් ප්‍රහාරවලින් බැටකමින්, වේල්ලේ ජල ප්‍රහරට හසුවී විපතට පත් වුණු යුක්රේන වැසියන්ට ආධාර අවශ්‍ය බව මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වේල්ල කැඩී යෑමෙන් 42,000 ක් අවතැන්