බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කෙට් කුමරියගේ සංචාරයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ කසිරන්ගා වනෝද්‍යානයේ රයිනෝසිරස් සතකු ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම සංචාරයට දිනකට පෙර ද එවන් සිද්ධියක් වාර්තා වූ බවට සදහන් ය.
එම රයිනෝසිරස් සත්වයා මැරීමට වෙඩි උණ්ඩ 80ක් පමණ භාවිත කර තිබේ. එම ස්ථානයේ තිබී ඒ,කේ-47 වර්ගයේ ගිනි අවියක උණ්ඩ කොපු හමු වී ඇත.
කසිරන්ගා වනෝද්‍යානයේ සංචාරයේදී රාජකීය යුවල රයිනෝ සත්වයන් නැරඹීමට ද ගිය බව සදහන් වේ.
ඔවුන් දෙදෙනා එම සත්වයන්ට කෑම පවා ලබා දුන් බව වාර්තා වෙයි. එම සත්වයන් ඝාතනය කර ඇත්තේ අං කපාගැනීමට බව නිලධාරීන් සදහන් කරයි.
මෙම සිද්ධිය රාජකීය යුවලගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් ඇති කරන බව බොහෝ දෙනෙක් කියති.
මෙම ජනවාරියේ සිට එම වනෝද්‍යානයේ මෙවන් සිද්ධි හතක් වාර්තා වී තිබේ.ලෝකයේ වැඩිම දුර්ලබ අං සහිත රයිනෝසිරස් සත්වයන් සිටින වනෝද්‍යානය මෙය බවට එම මාධ්‍ය පවසයි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විලියම්/කේට් ඇවිත් ගිය පසු රයිනෝසිරස් සතකු වෙඩි තබා මරලා