ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී දෘපදී මුර්මු අතින් සිදුවිය. ඒ උදෑසන 7.30 යෙදී තිබුණු සුබ මොහොතිනි.
නව ගොඩනැගිල්ලට අනුමැතිය ලැබී එය ඉදිකර අවසන් වනතුරු ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය දැක්වීය. ඒ, මහජන මුදල් නාස්ති කරනවා යැයි අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ මධ්‍යම රජයට චෝදනා නගමිනි.
උදෑසන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවී එය වර්ජනය කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් තීරණය කර තිබුණි.
පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසර 96 ක් පැරැණිය. එය ඉදි කර ඇත්තේ 1927 වසරේ දීය. නව ගොඩනැගිල්ල සියලු පහසුකම්වලින් සමන්විතය. ලොක් සභා සාමාජිකයන් 888 දෙනාටත්, රාජ්‍ය සභා සාමාජිකයන් 300 දෙනාටත් සුවපහසු කාමර ඉදි කර තිබේ.
නව පාර්ලිමේන්තුව ඉදිකිරීම සමරමින් ඉන්දීය රුපියල් 75 ක සමරු කාසියක් පවා නිකුත් කෙරුණු බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විරෝධය මැද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ