විරෝධතාකරුවෝ පන්සියයකට වැඩි පිරිසක් ඊයේ (22) ලිබියාවේ බෙන්ගාසී නුවර පිහිටි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කඩා වැදුණහ.
ගඩාෆි මරා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. විරෝධතාකරුවන් කඩා වැදුණු අවස්ථාවේදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභපති අබ්දුල් ජලීල් ද මූලස්ථානයේ සිටි බව පැවැසෙයි.
විරෝධතාකරුවෝ අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසටය. කෙසේ නමුත් එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් වහා එහි පැමිණ ජලීල් එම ස්ථානයෙන් ඉවතට ගත් බව ද වාර්තා වේ.
ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීමේ අරමුණින් තව නොබෝ දිනකින් මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය.
මේ අතර මුස්ලිම් ෂරියා නීතිය ලිබියාවේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින්ද දහස් ගණනක් ඉස්ලාමීය බැතිමත්හු පෙරේදා (21) ටි‍්‍රපොලි අගනුවරත් බෙන්ගාසි නුවරත් දැවැන්ත ජන රැලි පැවැත්වූහ.
එම ජන රැුලිය සංවිධානය කර තිබුණේ ලිබියානු ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සහ ආගමීක කණ්ඩායම්ය. කුරාණයේ පිටපත් අතින් ගත් තරුණ මහලූ බොහෝ දෙනකු එම රැලියට සහභාගී වූ බව වාර්තා විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විරෝධතාකරුවෝ ලිබියා පාලක මණ්ඩල මූලස්ථානයට කඩාවදිති
කුමාර Monday, 23 January 2012 12:30 PM
ගඩාෆිව මරා ඒ රජය පෙරළා කරගත් වැඩේට දැන් හොද පිළිතුරක් ලැබිලා. අපි වගේ පොඩි රටවලට ඉගෙන ගන්න තියෙන පාඩමක් මේක