IMG-LOGO

වැරදීමකින් අක්මාව ඉවත් කරලා

ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

ප්ලීහාව ඉවත් කිරීමේ සැත්කමට ලක් කෙරුණේ 78 හැවිරිදි බ්‍රයන් නමැති රෝගියාය. සැත්කමින් පසු අධික රුධිර වහනයකින් රෝගියා මියගියේය. මරණ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ සැත්කමින් ඉවත් කර ඇත්තේ ප්ලීහාව නොව අක්මාව බවටය.

සැත්කම සිදු කර ඇත්තේ ප්ලීහාව සම්බන්ධයෙන් 18 වසරක පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තෝමස් ෂැකෝනෝව්ස්කී නමැත්තාය.

ප්ලීහාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට ප්ලීහාව හඳුනා ගැනීමට නොහැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වෛද්‍යවරයු සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට සූදානම් බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

වැරදීමකින් අක්මාව ඉවත් කරලා

Roshan Sunday, 08 September 2024 12:27 PM

බැරි වෙලාවේ ඕක ලංකාවේ උනානම් ඇමරිකාවේ වලං හෝදන එවුන්ගෙ පොර ටෝක් කෝටියක් බලා ගන්න තිබුනා....

:       2       5

kalhan Sunday, 08 September 2024 01:45 PM

අපේ රටේ මිනිස්සු දෙවියො කියල හිතන් හිට්යට දොස්තරල කියන්නෙත් මිනිස්සු. ඕනිම මනුස්සයෙක්ට වරදින්න පුලුවන්. ඒක තම මිනිස්සු කියන්නෙ. හිතල කරන්නෙ නෑ. නමුත් ඒ රටවල් වල එහෙම වරදක් උනොත් ඒක පිළිගන්නව. වැරැද්දට නීතිමය පියවර ගන්නව. නමුත් අපේ රටේ දොස්තරල කියන්නෙම් එයාලට වරදින්නෙම නෑ කියල. වරදක් පිලිඅරගෙන නෑ මේ වෙනකන්. නීති සිසුවියකගෙ වැරැදි අතක් කැපුව. දොස්තරට ප්‍රශ්නයක් නැ. සිසුවියට සාධාරණය ඉශ්ඨ උනෙත් නැ. ගිය අවුරුද්දෙ පුන්චි දරුවෙකුගෙ හොඳ වකුගඩුව අයින් කරල ලමය මැරුන. දොස්තරල සෑහෙන්න දැඟලුව වැරද සාධාරණය කරන්න. නොදන්න අශ්වලාඩම් ඇඳ ඇඳ සමාජ ජාලවල හෑලි ලිව්ව. හැබැයි හෘද සාක්ෂියට ඇනූව වරද දන්න සැත්කම කරපු දොස්තරල දෙන්න රට පැන්න. කාටවත් සාධාරනය ඉටු උනෙත් නැ. වරද පිලි අරගෙනත් නෑ. අනුරාධපුර රෝහලෙ මවකට දරුව ලැබෙනකොට දරුව බිමට වැටිල දරුව මිය ගිය. දොස්තර කිව්වෙ දරුව අධික වේගයෙන් එලියට ආව කියල. දරුව මැරතන් දුවන ගමන් එන්න ඇත්තෙ.. හැම වෙලෙම වැටුප් ගැනයි, වරප්‍රසාද ගැනයි කියවන සංගමුත් ඒවට සද්ද නෑ.

:       0       12

රට වැසියා Sunday, 08 September 2024 02:00 PM

ඒ රටේ නැද්ද දන්නෑ ලංකාවේ වගේ වකුගඩුවට අශ්වලාඩන් ඇඳලා හෑලි ලියල වැරදි සාධාරණීය කලේ කළා වගේ, ඒ රෝගියාගේ ප්ලීහාව තියෙන තැනට අක්මාව ඇවිල්ලා කියල වැරැද්ද සාධාරණීකරණය කරන දොස්තරලා

:       0       5

Wijepala Monday, 09 September 2024 05:54 AM

ඉතින් ඔහොම වෙන්නෙ ඇමරිකන් ජනාධිපති බයිඩන් අවුරුදු හතරක් තුල දවස් 532 ක් නිවාඩු අරගෙන හිටපු නිසා වෙන්න ඇති. ලංකාවෙ අපි සෑම සියලු දෙයටම වැරදි කරු කරන්නෙ ජනාධිපති නිසා තමයි. එහෙම කිව්වෙ ඇමරිකාවෙ කාර්‍යාල සේවකයෙක් අවුරුදු 50 ක් තුල ගන්නා නිවාඩු ජනාධිපති අවුරුදු 4 කදී ගැනීම තමයි දොස්තරට වැරදිලා තියෙන්නෙ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site