විරුද්ධ පාර්ශවයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා කැමැත්තෙන් සිටින නමුත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රධානියා හෝ කණ්ඩායම ගැන තවමත් හැඟීමක් නැතැයි රුසියාවේ අගමැති ව්ලැඞ්මීර් පුටින් පෙරේදා (28) පැවැති රූපවාහිනි සාකච්ඡාවකදී පැවැසීය. -‘‘සාකච්ඡා පැවැත්වීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒත් කුමන පදනමක් මතද යන එක ප‍්‍රශ්නයක්. ඒ ගැන මා සිතමින් සිටිනවා. සාකච්ඡා පවත්වන්නේ කා සමගද?” යනුවෙන් ප‍්‍රශ්න කළේය. අගමැති පුටින්ගේ වසර 12 ක පාලන කාලය ගැන සෑහීමකට පත් නොවී ඇති බවත් නොබෝදා පැවැති මැතිවරණයේදී සිදුවූයේ යැයි කියනු ලැබූ වංචා පිළිබඳවත් විරෝධය පළ කිරීම පිණිස විරෝධතාකරුවෝ දහස් ගණනක පිරිසක් පසුගිය සෙනසුරාදා මධ්‍යම මොස්කව් නුවරට රැස්වූහ. රුසියානු මැතිවරණයෙන් ව්ලැඞ්මීර් පුටින්ගේ එක්සත් රුසියානු පක්‍ෂයට ජය ලැබුණු නමුත් එම මැතිවරණය දූෂිත එකක් බවට විරෝධතා එල්ල වන්නට විය. එමගින් රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලයට (ඩූමා) බහුතර ඡුන්ද ප‍්‍රමාණයක් ලැබුණි. මැතිවරණය නිරීක්‍ෂණය කිරීමට පැමිණි විදෙස් නියෝජිත පිරිස් කියා සිටියේ එම මැතිවරණය අමානුෂික ක‍්‍රියා හා ගැටුම් නිසා අවුල්වූ බවයි. විරෝධතාකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමට හෝ ඔවුන් කව්රුන්දැයි හඳුනා ගැනීමට අගමැති පුටින් අසමත්වී ඇතැයි රුසියානු ජනතාවගේ උදහසට ඔහු ලක්වි සිටිති. එම විරෝධතාකරුවන් සමාජයෙන් කොන් කරනු ලැබූ ලිබරල්වාදීන් පිරිස්, කොමියුනිස්ට් හා නැෂනලිස්ට් ආදී පක්‍ෂවලින් සමන්විත බව තමා දන්නා බවත් එම කණ්ඩායම්වල නායකයන් හෝ නියෝජිතයන් කවුරුන්දැයි නොදන්නා බව අගමැති පුටින් තවදුරටත් පැවැසීය.
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විරුද්ධ පාර්ශව සමග සාකච්ඡා කරන්න කැමැතියි: ඒත් කවුරුන් සමගද?