IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වර්ණ භේදයෙන් මිදී තවමත් නිදහස සොයන දකුණු අපි‍්‍රකාව

වර්ණ භේදවාදයට ලක්ව තිබූ දකුණු අප‍්‍රිකාවේ ෂාප්විල් (1960) හා සොවිටෝ (1976) ඝාතන සිහිපත් කරවන තවත් ඝාතනයක් පසුගිය අගෝස්තු 16 වැනිදා එහි නැගෙනහිර මරිකානා ප‍්‍රදේශයෙන් වාර්තාවිය. ලොව තුන්වැනි විශාල ප්ලැටිනම් නිෂ්පාදකයා වන ලොන්මින් සමාගමේ වැඩ වර්ජනයක යෙදී සිටි පතල් කම්කරුවන්ට එල්ල කළ පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් කම්කරුවන් 34 දෙනකු මිය යෑම දකුණු අප‍්‍රිකානුවන් සසල කරවන්නක් මෙන්ම තමන් තෝරාගත් දේශපාලන ගමන් මාර්ගය නැවත අභියෝගයට ලක් කරවන්නක්ද විය. ශතවර්ෂයකට ආසන්න කාලයක් යටත් විජිතවාදයෙන් හා වර්ණභේදවාදී කුරිරු පාලනයෙන් පීඩා විඳි දකුණු අප‍්‍රිකාව ජාතික නිදහස් සටනට නෙල්සන් මැන්ඩෙලා මෙහෙයවූයේ සියලූම ජාතීන්ට වඩාත් යහපත් ආර්ථිකයක් මෙන්ම ගරුත්වයෙන් යුත් පාලන ක‍්‍රමයක් බිහි කිරීම සඳහා වර්ණභේදවාදී පාලනය අවසන් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ජනතාවාදි පාලන ක‍්‍රමයක් බිහි කිරීමේ අඩිතාලමක් 1994 දී දැමූ නමුත් දකුණු අප‍්‍රිකාවේ තවමත් කළු බහුතරයට යහපත් ජිවන ක‍්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික වටපිටාවක් තවම ගොඩනැගී නැත. ජීවත්වීමට සරිලන වැටුපක් හා රැකියා වෙළඳ පොළට එකතුවන තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට මැන්ඩෙලා නායකත්වය දුන් අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයට මෙතෙක් හැකියාවක් ලැබී නැත. වාර්තාවන ආකාරයට තරුණ පරම්පරාවේ විරැකියා අනුපාතය සියයට 45 කි. ලොන්මින් ප්ලැටිනම් පතල්වල වැඩ කරන කම්කරුවන් වැඩි වැටුප් සඳහා වැඩ වර්ජනය කිරීමට ඉදිරිපත් වූයේ වැටුප් ලබා ගැනීමට අමතරව අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වය යටතේ පවතින පතල් කම්කරුවන්ගේ ජාතික සංගමයෙන් (NUM) ඉවත්වී පතල් කම්කරුවන්ගේ හා ඉදිකිරීමේ කම්කරුවන්ගේ සංගමයේ ශක්තිය විදහා පෑමටය. නිදහස් සටනේදී පෙරමුණු බල ඇණියක් වූ පතල් කම්කරුවන්ගේ ජාතික සංගමය තවදුරටත් කම්කරු අයිතීන් නියෝජනය කරන ඒ සඳහා සටන් කරන මධ්‍යස්ථානයක් නොවේ. නිදහස් අරගලයේදී මෙම සංගමයට නායකත්වය දුන් සිරිල් රමපෝසා, නිදහස් සටන ජයගැනීමෙන් පසු ඉන් ඉවත්ව ව්‍යාපාර කටයුතුවල යෙදී කෝටිපතියෙකු වූයේය. ඔහු දැන් ලොන්මින් පාලන මණ්ඩලයේද සාමාජිකයෙකි. මේ නිසා තවමත් වර්ණභේදවාදී සමයේ පැවති තත්ත්වයන් යටතේම ජීවන අරගලයක යෙදී සිටින පතල් කම්කරුවන්ට තම ඉල්ලීම් දිනා ගැනීමට නව නායකයන් හා සංවිධාන ගොඩ නගා ගැනීමට සිදුවිය. පසුගිය 16 වැනිදා සිදු කළ වෙඩි තැබීමට එක හේතුවක් වූයේ පතල් කම්කරුවන්ගෙන් ජාතික සංගමයට අභියෝගයක් ඉදිරිපත් වීමය. එහෙත් වර්ණ භේදවාදී පාලනය සිහිගන්වන මෙම වෙඩි තැබීම වෘත්තීය සමිති දෙකක් අතර පැවති අරගලයකට සීමා වන්නේ නැත. එය පාලක අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය නියෝජනය කරන වෘත්තීය සමිති හා පතල් හිමි සමාගම අතර ඇති සම්බන්ධය නිරාවරණය කරන්නක්ද විය. පතල් කම්කරුවන්ට වෙඩි තැබීම වාර්තා වන විට විදේශ සංචාරයක යෙදී සිටි ජනාධිපති ජාකොබ් සුමා පතල් කම්කරුවන් හමුවීමට පැමිණියේ දින ගණනකට පසුවය. එහෙත් ඔහුට කම්කරුවන් ඇමතීමට අවස්ථාවක් ලැබුණේ නැත. කම්කරුවන් තුළ වඩාත් කෝපය දැන වූ කාරණය වන්නේ ජනාධිපති සුමා එදින රාත‍්‍රිය ලොන්මින් සමාගමේ නවාතැන් පොළක ගත කිරීමය. එය රජය හා පාලකයන් අතර පවතින සුහදත්වයට හා මිත‍්‍රශීලි භාවයට නිදසුනකි. එම නිසා අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය තවදුරටත් සමාජයේ පීඩිත ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස පිළිගැනීමක් ලබා ගැනීම දුෂ්කර වනු ඇත. පතල් කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම ගැන පරීක්‍ෂාකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කර ඇති නමුත් ඉන් පතල් කම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. මෙවැනි පසුබිමක් තුළ වඩාත් ආකර්ෂණීය සටන් පාඨ ඉදිරිපත් කරන අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ තරුණ ලීගයේ හිටපු නායක ජුලියස් මලෙමා වඩාත් ජනප‍්‍රිය නායකයකු වනු ඇත. සුමාගේ නායකත්වයට අභියෝග කිරීම නිසා මලෙමාට තරුණ ලීගයෙන් ඉවත්වීමට සිදු වුවද අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වය ගැන ඔහු කරන විවේචනය බොහෝ දෙනෙක් අගය කරති. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එම පතල් කම්කරුවන් හමු වූ මලෙමාට විශාල පිළිගැනීමක් තිබුණ බව වාර්තා වේ. මේ තත්ත්වය වඩාත් හොඳින් දැක්වෙන අවස්ථාවක් වන්නේ මෙම වසරේ අගදී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වය සඳහා පැවැත්වෙන තරගයේදීය. මෙම තරගයෙන් සුමාට ජයගත නොහැකි වුවහොත් ඔහුට තවදුරටත් ජනාධිපති තනතුරේ රැඳී සිටීමට අවස්ථාවක් නොලැබේ. මීට පෙර ජනාධිපති තනතුරේ සිටි තාබෝ ම්බෙකිටද පක්‍ෂයේ නායකත්වය දිනා ගැනීමට නොහැකි වීමෙන් ජනාධිපති තනතුර අහිමිවිය. බහුභාර්යා සේවනය, දුෂණ හා වංචා චෝදනා එල්ල වී ඇති ජාකොබ් සුමාටද කලින් ජනාධිපතිවරයා වූ ම්බෙකිට අත් වූ ඉරණම හිමිවනු ඇතැයි සමහර විචාරකයෝ දැනටමත් සැක පහළ කරති. කෙසේ වුවත් 2014 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයට හෝ ජනාධිපති ජාකොබ් සුමාට බරපතළ තර්ජනයක් ඉදිරිපත් වන්නේයැයි අනුමාන කළ නොහැකිය. ඊට එක හේතුවක් වන්නේ සුළු වාර්ගික කණ්ඩායමට අයත් සුමාට ක්වාසුළු හා නටාල් ප‍්‍රදේශයෙන් විශාල ජන සහායක් ලැබීමය. ඊට අමතරව දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ සහායද හිමි වන්නේ ඔහුටය. එහෙත් එය පතල් කම්කරුවන් ඇතුළු කෝටි සංඛ්‍යාත දුප්පත් ජනතාවගේ පැතුම විය නොහැකිය. වර්ණ භේදවාදී පාලන ක‍්‍රමය අවසන් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහ හඳුන්වා දුන් නමුත් ඉන් වරප‍්‍රසාද රහිත පීඩිත ජනතාවගේ ජීවිතයට බලපෑමක් සිදු වූ බවක් නොපෙනේ. පාප්විල් හා සොවිටෝ ආකාරයේ ඝාතන නැවතත් සිදුවීමෙන් තහවුරු වන්නේ එයයි. දකුණු අප‍්‍රිකානු පුවත්පතක් සඳහන් කළ ආකාරයට මරිකානා ඝාතන තවත් නිදහස් අරගලයක මුල පිරීමක් වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

සටහන:- මහින්ද හත්තක
දකුණු අපි‍්‍රකා පැලැටිනම් සේවකයෝ සේවක උද්ඝෝෂණයක් පොලිසිය හරස් වෙමින්... විරෝධතා දිගටම



අදහස් (0)

වර්ණ භේදයෙන් මිදී තවමත් නිදහස සොයන දකුණු අපි‍්‍රකාව

සුප්රා Friday, 31 August 2012 03:39 PM

දකුණු අප්‍රිකානුවන්ගේ ඇගපත ලොකුවට තිබුණට ඒ මිනිසුන් හරිම හොදයි. ගුණ යහපත්. අපේ බුදු දහම වගේ ආගමක් ලැබුණොත් ලෝකයේ ඉන්න බලවත්ම ජාතිය බවට පත් වෙන්නත් ඒ අයට පුලුවන් වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17930 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site