වායු දූෂණය වැඩිම ලෝකයේ නගර අතර, පළමු ස්ථානයේ ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු බව විදෙස් මාධ්‍ය පවසයි.
නිරන්තරයෙන් ඇතිවන ළැව් ගිනි හේතුවෙන් නේපාලයේ නගර දුම්වලින් වැසී යන බවත්, එනිසා එරට වායු දූෂණය ඉහවහා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝකයේ නගර 101 ක වායු දූෂණ තත්ත්වය මැනීම සිදු කරන, ‘අයි.කිව් එයාර්’ සංවිධානයට අනුව කත්මණ්ඩු නගරයේ වායු තත්ත්ව දර්ශක අගය 190 ලෙස සටහන් වූ බවත් ඒ අනුව කත්මණ්ඩු නගරයට නගර 101 ක් අතරින් පළමු ස්ථානය හිමිවන බවත් පැවැසෙයි.
කත්මණ්ඩු නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුව කත්මණ්ඩු නගරයේ වායු තත්ත්ව දර්ශක අගය 200 පසුකර තිබේ. වායු දර්ශක අගය 200 අගය පසු කිරීම සිරුරට අහිතකර වෙයි.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වායු දූෂණය වැඩිම නගරය නේපාලයේ කත්මණ්ඩු