IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය

චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය.

එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය.

මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය.

චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV - නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.

'කොවිඩ් 19' වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය

fairoos Saturday, 04 January 2025 11:10 AM

අපෝ ආයෙනම් එපා... කොරෝනා දවස්වල විඳපු දුක හොඳටම ඇති...

:       0       14

suga Sunday, 05 January 2025 12:51 PM

කොරෝනා කාලෙත් මේ ගොල්ලෝ මුලින්ම කිව්වේ බයවෙන්න එපා. පැතිරෙන්නේ නෑ කියලා තමයි. මෙයාලා විතරක් මෙහෙම හූ කිව්වෙත් එහෙම තමයි.

:       0       2

KolithaSunday, 05 January 2025 02:29 PM

සුගා කියන්නේ සහතිකම ඇත්ත ඒ නිසා චීන්නු කොහොම කිව්වත් කොවිඩ් ගැන මතකයේ තිබේනම් චීන්නු කියන දේ විස්වාස නොකළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site