IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වයඹදිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 21ක් මරුට

වයඹදිග පාකිස්තානයේ කයිබර් ගෝත‍්‍රික ප‍්‍රදේශයේ වෙළෙඳසැලකට යාබදව පිහිටි බස්නැවතුමක දී පෙරේදා(17) සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ජම්රුද් නගරයේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලැබූහ. සිද්ධියෙන් මියගිය බොහෝදෙනෙක් බස්රථයක් පැමිණෙන තෙක් සිටි පුද්ගලයන් බව ජාර්මුද් පොලිසිය පවසයි. බෝම්බය පුපුරායාමෙන් අසල තිබූ වාහන 20ක් මුළුමනින්ම විනාශ විය. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් පෙෂාවෝර් රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ. මාර්ගය අසල පිහිටි වාහනයකට බෝම්බ අටවා එය පුපුරුවා හැර ඇති බව පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. සිද්ධියේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් බාර ගෙන නොමැත.ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ ජම්රුද් පිහිටා තිබෙන අතර අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රධාන කඳවුරු පිහිටා ඇත්තේ ද මෙම ප‍්‍රදේශයේය. කයිබර්හි දිස්ති‍්‍රක් පරිපාලන කාර්යාලය පිහිටියේ බෝම්බය පුපුරා ගිය ස්ථානයට මීටර් සියයක් පමණ දුරකිනි. සටන්කාමීන් මෙම කාර්යාලය ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ බවට සැක කරන බව කයිබර්හි පරිපාලන නිලධාරී මටාසිර් පැවැසීය. නිරන්තරයෙන් පාකිස්තානයේ සිදුවන බෝම්බ ප‍්‍රහාර පිටුපස සිටින්නේ වයඹදිග ගෝත‍්‍රික ප‍්‍රදේශවල සිටින සටන්කාමීන්ය. මෙම බෝම්බය පුපුරා ගියේ පෙෂාවෝර් ගුවන්තොටුපළට තලේබාන් සටන්කාමීන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුවය. පාකිස්තාන රජය පවසන්නේ 2001 වසරින් පසුව රට තුළ සිදුවූ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මේ වන විට වැසියන් තිස්දහසක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ජම්රුද්හි බෝම්බය පුපුරාගිය ස්ථානය.



අදහස් (0)

වයඹදිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 21ක් මරුට

සදුන් Wednesday, 19 December 2012 07:18 PM

මධූ හරි. (නි)

:       0       0

මෝරාළ Thursday, 20 December 2012 10:03 AM

මධූ, සදුන්ලා‍ වගේ අය ඉන්නකල් අපේ රට ගොඩගන්න බැහැ. (නි)

:       0       0

ජනක Friday, 21 December 2012 10:29 AM

අයියෝ සල්ලි

:       0       0

නිපුණ Thursday, 20 December 2012 09:01 PM

අනේ මන්දා? කවදද පාකිස්තානයට හරියන්නේ? කවුරු වුණත් මිනිස්සු නේද? සමහර මිනිස්සුන්ගෙ අන්තවාදී ආගමික මතවාද නිසාම නේද ඒ රට විනාශ වෙන්නේ? (නි)

:       0       0

මදූ Wednesday, 19 December 2012 03:58 PM

හොඳ පුවතක් (ස)

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 04:24 PM

කො‍හොමද මධූ මේක හොද පුවතක් වෙන්නේ? පවු අහිංසක මිනිස්සු. (නි)

:       0       0

සම්පත් Thursday, 20 December 2012 11:59 AM

ඉස්ලාම් මිනිස්සු එයාලවම මරාගන්නේ ඇයි? (නි)

:       0       0

නවුෂාඩ් Wednesday, 19 December 2012 05:59 PM

මධූ වැනි අය බෞද්ධ රටකටත් අවනම්බුවක්. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 20 December 2012 12:48 AM

මේ මධුලා වාගේ අය නිසා තමයි ලංකාවෙත් විපත් ඇතිවෙලා තියෙන්නේ. ඇයි හිත හොද නැහැනේ. (නි)

:       0       0

ලාල් Wednesday, 19 December 2012 06:34 PM

අල්ලාහ්! (නි)

:       0       0

මධු Thursday, 20 December 2012 01:09 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සම්පත් Thursday, 20 December 2012 09:01 AM

පාකිස්ථාන්, ඇෆ්ඝනිස්ථාන්, ඉරාක්, සිරියා, ඊජිප්තු වල දිනපතා මියයන ගණන වැඩිවෙමින් පවතිනවා. මේවා ඒ රටවල අභ්‍යන්තර ගැටලු. (නි)

:       0       0

පුබුදු Thursday, 20 December 2012 09:08 AM

හිල්මි, එතකොට මේත් සිංහල අයද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1498 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1653 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 436 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site