IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වයින් හදන්න සියවස් 37ට කලින් කුරුඳු අරං

ඊ‍ශ්‍රායලයේ ටෙල් කබ්රිහි කරන ලද කැණීමකින් අවුරුදු 3700 ක් පමණ පැරණි වයින් ගබඩාවක් හමුවී ඇතැයි ඇමෙරිකා  හා ඊශ්‍රායල්  පුරාවිද්‍යාඥයෝ පරිසක් පවසති. ඔවුන් පවසන්නේ  මේ ගබඩාවේ ලීටර 50 බැගින් පිරවිය හැකි බුලි 40 ක් සොයාගත් බවයි. ඒ බුලි කිහිපයක තවමත් පැරණි වයින් ඉතිරිව ඇත.

බුලිවල ඉතිරිව තිබූ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ වයින් සෑදීමට පැණි, මිංචි (සුවඳතලා) සහ කුරුඳු යොදාගෙන   ඇති බවයි. එම ද්‍රව්‍යවලට අමතරව මිදි හා බෙරි වර්ග යොදාගෙන ඇති බවට ද සාධක හමුවෙයි. වර්තමානයේ පවා වයින් නිපදවීමට යොදා ගන්නා සිට්රික් හා ටාටරික් අම්ල  මේ වයින්වලින් හමුවූ බව ඒ ගැන විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ කියති.

ටෙල් කබ්රි නම් ස්ථානය සති හයක් පුරා දිවා රෑ නොබලා කරන ලද කැණීමක දී මේ වයින් ගබඩාව සොයාගෙන ඇත. මහාචාර්ය එරික් ක්ලීන් පවසන්නේ ඔවුන්ට මුළින්ම අඩි තුනක් දිග බුලියක් හමුවූ බවයි. එතැන කැණීමේ දී වර්ග අඩි 375 ක් වන කාමරයක ගබඩා කැර තිබූ බුලි 50 ක් හමුවූ බවත් ඔහු කියයි.

මහාචාර්ය ක්ලීන් මෙසේ ද කීවේය.

මෙය පුදුමාකාර සොයා ගැනීමක්. අපි දිවා රෑ නොබලා වෙහෙසවී කටයුතු කළා. මේ බුලි සහ වයින් වල වයස අනුව මෙය ඇදහිය නොහැකි සොයා ගැනීමක්. දැනට මේ ප්‍රදේශයේ අක්කර 75 ක පමණ කැණීම් කැර තිබෙනවා. දැනට අපිට හමුවූ වයින් ප්‍රමාණය වර්තමාන වයින් බෝතල් 3000 ක් පිරවීමට ප්‍රමාණවත් වනවා.

මේ වයින් පි‍ළිබඳ පර්යේෂණ කළ ආචාර්ය ඇන්ඩෘ කෝ පවසන්නේ මෙවැනි වයින් අතීත ඊජිප්තුවේ අදින් වසර 2000ට පමණ පෙරාතුව භාවිතා කළ බවයි. කෙසේ වෙතත් ඔහුගේ මතය වී ඇත්තේ මේ වයින් යළි නිපදවීමට හැකි බවයි. මෙම වයින් වැදගත් අමුත්තන්ට පිළිගැන්වීම සඳහා පිළියෙල කැර තබන්නට ඇතැයි ආචාර්ය යූසූර් පවසයි.

වයින් ගබඩාව දොරවල් දෙකකින් සමන්විත වූ බව ද දැනට නටඹුන් වී ඇති පැරණි භෝජනාගාරයක් අසළ මේ ගබඩාව තිබී ඇතැයි ද පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. භෝජනාගාරයත් වයින් ගබඩාවත් දෙකම එකම ආකාරයෙන් විනා‍ශ වී ඇති බවත් ඊට හේතුව භූමිකම්පාවක් විය හැකි බවත් ඔවුහු කියති.

හීබෘ බයිබලය අනුව මෝසෙස් කුරුඳු වර්ග දෙකක් පාවිච්චි කළැයි ඉතිහාසය කියයි. ක්‍රිස්තු පූර්ව දෙදාහේදී ඊජිප්තුවට කුරුඳු ආනයනය කළ බව අද ලොව කුරුඳු අපනයනය අතින් ශ්‍රී ලංකාව කීර්තිමත් ස්ථානයක් හිමි කරගෙන සිටී.



අදහස් (0)

වයින් හදන්න සියවස් 37ට කලින් කුරුඳු අරං

ලාරා කෑගල්ල Sunday, 24 November 2013 04:21 PM

ගුවන්යානයේදී බොන්න අපිටත් ඕව එවන්න ? යානය කඩා වැටුනත් දුක නෑ වෙරි මතේ ! (අ)

:       0       0

රජින්ද Sunday, 24 November 2013 04:22 PM

නිසැකවම අමරණීය සොයා ගැනීමක්. (නදී)

:       0       0

ලාල් Tuesday, 26 November 2013 09:46 PM

ඊශ්‍රායල් ජාතිකයන් විශිෂ්ටයි. (ස)

:       0       0

ෂාෆික් Monday, 25 November 2013 10:56 AM

මිනිසාගේ මධුපානයේ භාවිතය කොතරම් අතීතයකට දිව යනවාද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 26 November 2013 06:46 AM

මිනිසා කෑමෙන් පමණක් ජිවත් නොවේ කියලා පැවසුවේ ඇයි කියලා දැන් මට තේරෙනවා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 27 November 2013 04:22 PM

බුදුන් දවසත් මේවා නිපදවා ඇති නිසා වෙන්න ඇති ‍එය පන්සිල් පද පහට එක්වෙන්න ඇත්තේ (නි)

:       0       0

චින්තක Tuesday, 26 November 2013 08:45 AM

ඒ කියන්නේ වසර 3700 කටත් එහා අපේ රටේ කුරුඳු වවන්න තරම් දියුණු මිනිසුන් ඉඳලා තිබෙනවා. (නි)

:       0       0

ගීසරණී Sunday, 24 November 2013 08:02 PM

මට ටිකක් ගෙන්න ගන්න බැරිවෙයිද දන්නේ නැහැ. කීය උනත් කමක් නැහැ. කමක් නැහැ එහෙනම් කොහොම හරි කුරුදු වයින් හදන්නකො (අ)

:       0       0

සමන් ලංකාතිලක Sunday, 24 November 2013 08:29 PM

ඇත්තටම මෙතන දියර වයින් හම්බවෙලා නෑ.. විද්‍යාඥයො කියල තියෙන්නෙ මෙතන වයින් ලීටර 2000ක් විතර තිබිල තියෙනව කියලයි. හමුවෙලා තියෙන්නෙ කැඩීගිය බඳුන් සහ වියලී ගිය වයින් මන්ඩි විතරයි. අර හමු උනා කිව්ව දොරවල් දෙක දකුණට සහ බටහිර දිශාවන්ට යොමු වෙලා තියෙනවලු. ඒවත් බොහෝ දුරට තවත් ගබඩා වලට යොමු වෙලා ඇති කියලයි කියන්නෙ. ඒව ගැන පරීක්‍ෂණ කරල ඉවර වෙන්නෙ 2015 දි ලු. (අ)

:       0       0

ජෝසප් ද Sunday, 24 November 2013 08:42 PM

‍ව‍ඩේ පොසිල හම්බ වුනා නම් තමා කෙලිය. නිජබිම් කිය කිය අර තමිල්නාඩු හැත්තගෙන් බේරිල්ලක් නැතිවෙයි.. (අ)

:       0       0

ආරියසේන Tuesday, 26 November 2013 09:14 PM

මේ ප්‍රවෘත්තිය කියවන කොටත් ටිකක් වෙරි වේගෙන එනවා වගේ දැනෙනවා. (අ)

:       0       0

කුමාර් Tuesday, 26 November 2013 01:19 PM

දැන්වත් පිළිගන්න ඊශ්‍රායල් රටට අවුරුදු 4,000 ට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවත්, ඊශ්‍රායල් ජාතිකයන් මේ භුමියේ ඔවුන්ගේ දේශය ලෙස ජීවත් වූ බවත්. (නි)

:       0       0

ජානක Wednesday, 27 November 2013 09:21 AM

සමන් ලංකාතිලක ඔබට ස්තුතියි. චින්තක හොදට කියවා බලා පිළිතුරු ලියන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1073 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 98 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 93 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1368 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1739 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2805 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1202 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site