'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ වියට්නාමයෙන් ද යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.
වියට්නාම වැසියන් මේ වනවිට මුහුණ දෙන්නේ දෙවැනි කොරෝනා රැල්ලට යැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. වියට්නාමයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 30,478 කි. මරණ වාර්තා වන්නේ 123 ක් ලෙසිනි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 9,275 කි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, වියට්නාමයේ දෙවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' ප්‍රභේදය එරට සමාජයේ ව්‍යාප්තවීමය.
වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති හෝ චී මින් නගරය සති දෙකක කාලයකට සම්පූර්ණයෙන් වසා දමා තිබේ. හෝ චින් මින් නගරයේ ජනගහනය මිලියන 9 කි.
අවුරුදු 18 වැඩි සියලු දෙනා එන්නත් කිරිමට වියට්නාම රජය තීරණය කර තිබේ.
කෙසේ නමුත් එන්නත් වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමත්‍යාංශයට රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් කිරීමට හැකිවනු ඇත්තේ ලබන වසරේ මාර්තුවේදීය. වියට්නාමයේ එන්නත් ලබා දී ඇති පිරිස මිලියන 4 කි. 2,40,000 ක පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
පසුගිය 2021 අප්‍රේල් මාසය වෙද්දී, මිලියන 100 ක ජනගහනයක් වෙසෙන වියට්නාමයෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 3,000 ක් පමණි. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මවිතයට පත් කරමින් ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යන්න විය.
හැනොයිහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
690
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියට්නාමයේ යළිත් කොරෝනා පැතිරේ