ටියුනීසියානු විපක්ෂ නායක චොක්රී බිලේඞ් ඝාතනය සම්බන්ධයෙන් හටගත් විරෝධතා හමුවේ රජය විසුරුවා හැර, කඩිනමින්
|
ඝාතනයට ලක්වූ විපක්ෂ නායක |
මැතිවරණයක් පැවැත් වීමට එරට අගමැති ජම්දි ජෙබාලි ඊයේ (7) තීරණය කළේය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් ‘අරාබි වසන්තය’ යැයි හඳුන්වනු ලැබූ 2011 වසරේ හටගත් ජනතා විරෝධතා හමුවේ මුලින්ම ආණ්ඩු පෙරැළියක් සිදුවූයේ ටියුනීසියාවේය. එම විරෝධතා ඊජිප්තුවට සහ ලිබියාවට පැතිර ගියේ ඉන් පසුවය.
ජනපතිව සිටි බෙන් අලිගේ පාලනය අවසන් කිරීමෙන් පසු පැවැති මැතිවරණයෙන් ටියුනීසියාවේ පාලන බලය හිමිවූයේ ‘ඉනාඩා’ නමැති මුස්ලිම් දේශපාලන මණ්ඩලයටය. එහි අගමැති ජෙබාලිය.
අගමැති ජෙබාලි සහ ඔහුගේ ‘ඉනාඩා’ දේශපාලන කණ්ඩායම නව රජය පිහිටුවූයේ තවත් බස්ලාමීය පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගත වීමෙනි.
ජනතා විරෝධය මැද බලයෙන් ඉවත් වූ ජනාධිපති බෙන් අලී සහ ඔහුගේ පවුලේ අයට මේ වනවිට දුෂණ චෝදනා එල්ල වී ඇත.
විපක්ෂ නායක චොක්රී බිලේඞ් නානඳුනන තුවක්කුකරුවකු අතින් ඝාතනය වූයේ පෙරේදා (6) ය. බිලේඞ්, විපක්ෂ නායකයා පමණක් නොව, එරට නීතීඥවරයෙක් ද වෙයි.
බිලේඞ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත් වීමට අගමැතිවරයා පොරොන්දුවි ඇත.
එම ඝාතනයත් සමඟ ටිවුනීසියාවේ යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී ගියේය. කලහකාරීහු ටියුනිස් අගනුවර විරෝධතා පවත්වද්දී ඔවුන් මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීන් යෙදවීමට රජය කටයුතු කළේය.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් හට ගත්තේය. ටියුනීසියාවේ ටියුනිස් අගනුවර පිහිටි ‘ඉනාඩා’ පක්ෂ කාර්යාලයට කඩා වැදීමට ද විරෝධතාකරුවෝ උත්සහ කළ අතර එම පිරිසට පොලිසිය හරස් වූ බව ද වාර්තා වේ.
|
විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින් |
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්ෂ නායක ඝාතනයෙන් පසු ටියුනීසියාවේ විරෝධතා උග‍්‍ර අතට
සාලිය Saturday, 09 February 2013 12:55 AM
මුස්ලිම් රටවල හැමදාම යුද්ධ. (නි)
සෝමවංස Sunday, 10 February 2013 03:16 PM
ලෝකයේ මුස්ලිම් රටවල ඉන්න ජනතාව පාවා දැන් ඉස්ලාම් පාලන නිතීය අනුමත කරන්නේ නැහැ.(නදී)