IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විපක්ෂ නායක ග්‍රාන්ට්ස් යුද කැබිනට්ටුවෙන් යයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින්, නෙදන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වී සිටි විපක්ෂ ඊශ්‍රායල විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් එම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 

නිමාවක් නොමැති ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජය කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව පෙන්වා දෙමින්, කඩිනමින් මැතිවරණයකට යා යුතු බව ද පවසමින් විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් යුද කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ග්‍රෑන්ට්ස් විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසු අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ ප්‍රධානත්වයෙන් යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සිදුවිය. ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දීම සිදුවූයේ එම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දීමට තීරණය කළ සැණින්, විපක්ෂ නායක ග්‍රෑන්ට්ස් සහ ඔහුගේ පක්ෂය එකපයින් නෙදන්යාහු ප්‍රමුඛ රජයට සහාය ලබා දුන්නේය. ග්‍රෑන්ට්ස් යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වූයේ ඉන්පසුවය.

යුද ගැටුම් මැද නෙදන්යාහු පිහිටුවූ හදිසි රජයට (යුද කැබිනට් මණ්ඩලය) අප සහාය දීමට පියවර ගත්තා. තීන්දු තීරණ ගැනීමේ දී එය අගමැති නෙදන්යාහුට ශක්තියක් වුණා. එසේ වුවත් යුද්ධයේ සැබෑ ජයග්‍රහණයක් කරා යන බවක් පෙනෙන්න නැහැ. ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වෙලා'' යැයි ඉල්ලා අස්වන බව පවසමින් ග්‍රාන්ට්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ග්‍රාන්ට්ස් නියෝජනය කරන ‘ඊශ්‍රායල රෙසිලියස්න්’ පක්ෂය මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විතය. නෙදන්යාහු අන්ත දක්ෂිණාංශික දේශපාලන මතධාරියෙකි. ග්‍රාන්ට්ස් පවසා ඇත්තේ, කඩිනමින් මහ මැතිවරණයකට යෑම වහා කළ යුතු බවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

විපක්ෂ නායක ග්‍රාන්ට්ස් යුද කැබිනට්ටුවෙන් යයි

kotiya Wednesday, 12 June 2024 05:07 AM

අනුර කුමාරගෙන්ද කොහේද උපදෙස් අරගෙන තියෙන්නේ. 2006දී අනුර කුමාරත් ඔය ගොන් වැඩේම කළා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site